හිටපු ජනපතිගේ පන්සල් දේශපාලනය හෙළාදකිනවා-අර්ජුන

Published in පුවත්
Sunday, 31 May 2015 09:27

හිටපු ජනපතිගේ පන්සල් දේශපාලනය හෙළාදකින බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.හිටපු ජනපතිගේ මෙම ක්‍රියාවලිය නිසා පක්ෂය මෙන්ම බෞද්ධ සංස්කෘතියත් විනාශයට අැද දමන බව ඔහු පැවසුවේය. ඔහු මේ බව පැවසුයේ ඊයේ (30) අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ය.

වැඩිදුරටත් අදහස් දක්වමින ඔහු මෙසේ ද පැවසුවේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන හැමෝටම විවිධ අදහස් තියෙනවා. මට තියෙන අදහස නෙවෙයි තව අයට තියෙන්නේ. හිටපු ජනාධිපතිතුමා කරගෙන යන ක්‍රියාදාමය මම අනුමත කරන්නේ නැහැ. එතුමා ඕනම ගමකට ගිහින් ඕනම මන්ත්‍රීවරයෙක් සමඟ මිනිස්සු හම්බවෙන එක අපට නවත්තන්න අවශ්‍යතාවයක් නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය. නමුත් එහි තිබෙන නරකම දේ තමයි එතුමා පංසලකට ගියත් පංසලේ සෙනඟ ගෙන්නලා පංසලේ දේශපාලනය කිරීම මම අනුමත කරන්නේ නෑ.අද වෙනකං මම නම් පංසල් වල දේශපාලනය කරලා නෑ. සාමාන්‍යයෙන් අපි පංසලකට යනකොට සාධු සාධු කියන එක අද පංසලේ මිනිස්සු ජයවේවා කියලා කෑගහන තත්වයට පත්වෙලා. මම හිතනවා එතුමාට අඩුකරමින් දැන්වත් බුද්ධිය වත් පහළ වෙලා මේ වැඩේ නතර කරයි කියලා”

හිටපු ජනාධිපතිතුමා සිදු කරන මේ ක්‍රියාදාමය තමා පිළිකුලෙන් යුතුව හෙළා දකින බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us