අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමියන් සමග පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. පක්ෂ පාට භේදයකින් තොරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව රට ගොඩනැගීමට කටයුතු කරන බවයි වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කරනු ලැබුවේය.
විශේෂයෙන් මේ මොහොතේ දෙමළ ජාතික සන්දානය සමග සුහදව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමියන් වෙත අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන ලදි. එම අවස්ථාවේදී අදහස් දක්වමින් අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් සඳහන් කර සිටියේ ඉතා ඉක්මනින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කළයුතු බවත් මනාප ක්‍රමය තවදුරටත් පවතින්නේ නම් නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය නොහැකි බවය.