අර්ථසාධක මුදල් ගෙවන්න- මහවැලියට අධිකරණයෙන් නියෝගයක්

Published in පුවත්
Saturday, 30 May 2015 16:02

තඹුත්තේගම, නිරාවිය සත්ව ගොවිපොළේ සේවකයින්ට ගෙවීම පැහැර හැර ඇති අර්ථසාධක මුදල් ගෙවන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරයට අධිකරණය විසින් නියෝග කර තිබේ.

අදාළ ගොවිපොළේ සේවකයින් 133 දෙනෙකුට රුපියල් හතලිස් හත්ලක්ෂ තිස්හයදහස් හාරසිය තුනක මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇත.

අනුරාධපුර සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලය විසින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්, බණ්ඩාර ඉලංගසිංහ මහතා මෙම නියෝගය ලබාදී තිබේ.

වසර 02ක කාලයක් අදාල සත්ව ගොවිපොළේ පාලන අධිකාරිය විසින් එහි සේවකයින්ට අර්ථසාධක අරමුදල් ගෙවා නොමැති බවට චෝදනා එල්ලවී තිබුණි.

දෛනික වැටුප් මත සේවය කරන සේවකයින්ට 2010 වසරේ සිට 2012 වසර දක්වා කාලය තුළ අර්ථසාධක අරමුදල් ගෙවා නොමැති බව පැමිණිලිකරුවන් අධිකරණය හමුවේ කියා සිටියේය.

 

අද දෙරණ

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us