නිතී කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත් කරයි

Published in පුවත්
Saturday, 30 May 2015 13:50

1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ පත්කිරීම් සිදුකර ඇත.

අදාළ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා පත් කර ඇති අතර සිසු සාමාජිකයින් 14 දෙනෙකුද පත් කර ඇත.

ඒ අනුව ජනාධිපති නීතීඥවරුන් වන පාලිත ප්‍රනාන්දු, එස් අනිල් සිල්වා, මනෝහාර ද සිල්වා, ආචාර්ය හර්ෂ කබ්රාල්, ඉක්‍රම් මොහොමඩ්, සංජීව ප්‍රනීත් ජයවර්ධන යන මහත්වරුන් නම් කර ඇති බව ජනාධිපති ලේකම් පී.බී.අබේකොන් මහතා පැවසුවේය.

එමෙන්ම නීතීඥවරුන් වන ආචාර්ය ලක්ෂ්මන් මාරසිංහ, ධාරණි එස්. විජයතිලක, ආචාර්යය කාමිනා ගුණරත්න, එම්. ස්වාමිනාදන්, එන්. සෙල්වක්කුමාරන්, නවීන් සුරත් මාරපන, තිසාත් විජයගුණවර්ධන, ජී.ජී. අරුල්ප්‍රගාසම් යන අයද නම් කර ඇති බව සඳහන්ය.

2015 මාර්තු මස 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු පහක කාලසීමාවකට අදාළ නීති කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කර ඇති බව වාර්තාවේ.

Last modified on Saturday, 30 May 2015 13:52

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us