බංකොලොත් දේශපාලකයින් පිදුරු ගස්වල එල්ලී දගලනවා-හරීන්

Published in පුවත්
Monday, 01 June 2015 10:05

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බංකොලොත්කාරී දේශපාලන නායකයන් ගිලෙන්න යන වේලාවේ පිදුරු ගහක එල්ලී හෝ ගොඩ එන්නට දඟලන පුද්ගලයන් සේ හැසිරෙමින් කටයුතු කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කරන්නේ,මහියංගන, රිදිමාලියද්ද, ප්‍රදේශය තුළ නව වැලි තොටවල් ලබා දීම පිළිබඳව තමා විසින් 2015 -02-26 වන දින ඌව පළාත් ඉඩම් කොමසාරිස්වරයා වෙත ලබා දෙන ලද ලිපියක් උපයෝගි කර ගනිමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින බංකොලොත් දේශපාලඥයන් විසින් දේශපාලන වාසියක් ලබා ගැනීමේ අරමුණින් අදාල ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් කර කීර්තිනාමයට හානියක් කිරිමේ අසාර්ථක උත්සහයක යෙදි සිටින බවයි.

වැඩිදුරටත් නිවේදනයේ මෙසේද සදහන්වේ .

''මහියංගන, රිදිමාලියද්ද, ප්‍රදේශය තුළ ඉතා දීර්ඝ කාලයක සිට විපක්ෂයේ දේශපාලඥයන්ට සමීප වැලි ජාවාරම්කරුවන් පිරිසක් විසින් පරිසරයට ද හානි වන පරිදි නිළධාරීන් නොමඟ යවා සිදුකරගෙන ගිය වැලි ජාවාරම තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සඳහා වර්තමාන රජයේ දේශපාලනඥයන්ගේ නම් භාවිතා කරමින් කූට උත්සහයක යෙදෙමින් මේ අතර, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විශාල පිරිසක් ද නව වැලිතොටවල් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. මේ අනූව පළාතේ පරිසරයට ආදරය කරන පුද්ගලයෙකු වශයෙන් පරිසරයට හානිදායක අන්දමින් වැලි ජාවාරමේ යෙදි සිටින වැලි ජාවාරම්කරුවන්ට තවදුරටත් ඉඩදිය නොහැකි බැවින්, සුදුසු පුද්ගලයන්ට පමණක් වැලි තොටවල් ලබාදීමේ දී පරිසරයට හානියක් නොවන බවට ද පරීක්ෂා කොට අනුමැතිය ලබාදීමට ක්‍රියාකරන ලෙස අදාළ බලධාරීන්ට දන්වා යැවීමට ඒ අනූව ඉදිරිපත් කල ලිපියට වැරදි අර්ථකතන ලබාදෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බංකොලොත්කාරී දේශපාලන නායකයන් ගිලෙන්න යන වේලාවේ පිදුරු ගහක එල්ලී හෝ ගොඩ එන්නට දඟලන පුද්ගලයන් සේ හැසිරෙමින් මා විසින් නිකුත් කරන ලද ලිපිය උපයෝගි කරගනිමින් මාධ්‍ය තුළින් දේශපාලන වාසියක් ලබා ගැනීමට දරණ නිශ්ඵල උත්සහය පිළිබඳව කණගාටුවන අතර, මාගේ කීර්ති නාමයට එමඟින් හානියක් කිරිමට දරණ නිෂ්ඵල උත්සහයක් බවද පෙන්වා දෙනු කැමැත්තෙමි.''

ඉඩම් කොමසාරිස්වරයා වෙත ලබා දුන් ලිපිය පහත දැක්වේ

Request-Letter-from-UVA-PC-

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us