අද(30) අළුයම මිය යන විට ඇයගේ වයස අවුරුදු 79 කි.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය තුලින් රංගන කලාවට පිවිසි සෝමලතා සුබසිංහ මහත්මිය වේදිකාව,පුංචි තිරය හා රිදී තිරය තුළ සිය දක්ෂතා මැනවින් විදහා දැක්වීය. මීට අමතරව නාට්‍ය පුහුණු පාසලක් අරඹමින් සහ තොප්පි වෙළෙන්දා, රත්මලී සහ හිම කුමරිය වැනි නාට්‍යය නිර්මාණය කරමින් ළමා නාට්‍ය ප්‍රචලිත කිරීමට සෝමලතා සුබසිංහ මහත්මිය මහත් දායකත්වයක් ලබාදෙන ලදී.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.