ක්‍රීඩාංගණ නෙවෙයි ක්‍රීඩකයෝ හදන්න-අර්ජුන

Published in ක්‍රීඩා
Saturday, 30 May 2015 16:11

තවදුරටත් විනයගරුක පාසල් ක්‍රිකට් කණ්ඩායම් බිහි නොකරන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ක්‍රීඩාංගණ සෑදීමට වඩා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ උන්නතිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසුවේය.

“පසුගියකාලේ අපි ආයෝජනය කළේ ක්‍රීඩකයින්ට නෙවෙයි. මට මතකයි, මම එදා කිව්වා ජාත්‍යන්තර ක්‍රීඩාංගණ අපට ඇති අවශ්‍යතරම් තියෙනවා කියලා. නමුත් දේශපාලකයින්ගේ නම් ගහන්න අලුතින් ක්‍රීඩාංගණ හදලා ක්‍රිකට් පාලක මණ්ඩලය බංකොලොත් කළා. අපිට ඇත්තටම අවශ්‍ය වුණේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ නෙවෙයි. රුපියල් බිලියන ගණන් වියදම් කරලා ක්‍රීඩාංගණ හැදුවට වැඩක් නෑ අපි ක්‍රිකට් ක්‍රීඩකයෝ හදන්නේ නැතිනම්. අපි හැමෝටම ලොක්කො වෙන්න බෑ. අද වෙලා තියෙන්නේ හැමෝම ලොක්කෝ වෙන්න හදනවා. ක්‍රීඩාව විනාශ වීමට ඒක හේතුවක්. විනයගරුක පාසල් ක්‍රිකට් කණ්ඩායම් අපි හැදුවේ නැතිනම් අපේ ක්‍රිකට් ගැන තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙන එකක් නෑ.... ”

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us