සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක මණ්ඩල විසින් සිදුකළා යයි කියන අක්‍රමිකතා, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම වැනිදෑ සොයා බැලීම සඳහා අධිනීතිඥ රවී අල්ගම, අධිනීතිඥ ජාලිය බෝධිනාගොඩ සහ නීතිඥ වරුණ මල්ලවආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විමර්ශණ මණ්ඩලයක් පත්කරයි.
මෙම විමර්ශණ මණ්ඩලයේ පළමු සැසි වාරය පසුගිය 26වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැත්විණි.
එම කමිටුව විසින් පරීක්ෂණ නිවැරදි ආකාරයෙන් නිමකර කමිටු වාර්තාව ඉතා කඩිනමින් අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතය.
එසේම විමර්ශණ මණ්ඩලයේ ඉදිරි සැසිවාර ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ පැවැත්වීමට නියමිතය.
ලංකා පුවත්