මැතිව් අබේසිංහ පිහිනුම් සම්මේලන ලෝක ශූරතාවලියට

Published in ක්‍රීඩා
Monday, 01 June 2015 13:50

අන්තර්ජාතික පිහිනුම් සම්මේලන (ෆිනා) ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබීමට Killer Whale පිහිනුම් සමාජයේ මැතිව් අබේසිංහ ඊයේ (31දා) සමත් විය.

මෙම තරගාවලිය වෙනුවෙන් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවැති තේරීම් තරගයේදී ඔහු මෙම අවස්ථාව හිමිකරගත්තේය.

මීට පෙර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් මෙම තරගාවලිය නියෝජනය කළද, එම සියලු දෙනා සුදුසුකම් ලබා ඇත්තේ 'වයිල්ඩ් කාඩ්' ක්‍රමය යටතේය. ඒ අනුව පූර්ණ සුදුසුකම් ලත් ක්‍රීඩකයෙකු ලෙස අන්තර්ජාතික පිහිනුම් සම්මේලන ලෝක ශූරතාවලියක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා මැතිව් අබේසිංහයි.

ලෝක ශූරතාවලියේ 'බී' කාණ්ඩයේ පරිසාධන කාලය තත්ත්පර 51.12 ක් වූ අතර, මැතිව් තේරීම් තරගයේදී මීටර් 100 නිදහස් ආර ඉසව්ව නියෝජනය කරමින් එම ඉසව්ව තත්. 50.87 ක කාලයකින් අවසන් කිරීමට සමත්විය. එහෙත් මිලි තත්පර 01 ක කාලයක් අඩුවීම නිසා පසුගිය වර්ෂයේදී ඔහු විසින් මෙම ඉසව්වේ (නිදහස් ආර) පිහිටවා තිබූ තත්ත්පර 50.86 ක් වන ශ්‍රී ලංකා වාර්තාව බිඳහෙළීමට තිබූ අවස්ථාව ඔහුට අහිමිවී ගියේය.

කෙසේ නමුත් වත්මන් මීටර් 100 හා 200 ඉසව්වල ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරුවාද මැතිව්ය. ලෝක ශූරතා තරගාවලියක තේරීම් තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තාකළ හොඳම කාලය මෙය වන අතර, එම කාලයේ 'බී' කාණ්ඩයට සුදුසුකම් ලැබීමේ තරගයක ඉහළින්ම තිබෙන කාලයද එය වේ. මැතිව්ගේ දක්ෂතාව හේතුවෙන් ඔහු සමගින් තවත් ශ්‍රී ලාංකිකයන් දෙපළකට නිතරගයෙන් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමට හැකිවන අතර, එම අවස්ථාව කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරන්ත අබේසිංහ හා ආසියානු ජාත්‍යන්තර පාසලේ කිමිකෝ රහීම් යන දෙදෙනාට හිමිවන බව ශ්‍රී ලංකා පිහිනුම් සම්මේලනය නිවේදනය කරයි.

(අද)

 

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us