ෆිෆා සභාපති ඉල්ලා අස් වෙයි

Published in ක්‍රීඩා
Wednesday, 03 June 2015 11:56

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් සෙප් බ්ලැටර් ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට එරෙහිව එල්ලවී ඇති දූෂණ චෝදනා හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ජගත් පාපන්දු ක්‍රිඩාවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ අල්ලස් සහ දුෂණ පිළිබඳව ඇමරිකාව මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 79 හැවිරිදි සෙප් බ්ලැටර් පසුගිය 29 වැනිදා පැවති ෆිෆා කොංග්‍රසයේ ඡන්ද විමසීමේදී යළිත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත්වුයේය.

ලෝක කුසලාන පාපන්දු තරග සත්කාරකත්වය ලබාදීම සඳහා ජගත් පාපන්දු බලධාරීන් ඩොලර් මිලියන ගණන් අල්ලස් ලබා ගත් බවට ඇමරිකාව චෝදනා කළේය. ඒ සම්බන්ධයෙන් ජගත් පාපන්දු බලධාරීන් 7 දෙනෙකු ස්විට්සර්ලන්තයේදී පසුගියදා අත්අඩංගුවට ගැනුණි. අල්ලස් චෝදනා පිළිබඳ වගකීම භාරගෙන ඉල්ලා අස්වන ලෙස බ්ලැටර්ට විවිධ පාර්ශවයන් වෙතින් බලපෑම් එල්ල වී තිබේ.

පසුගියදා පැවති නිලවරණයෙන් පස් වන වතාවටත් තේරීපත්වූ සෙප් බ්ලැටර් ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ පෙල තනතුර 17 වසරක් පුරාවට උසුළා තිබේ.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us