ෆේස් බුක් ජංජාලයට පසුගිය කාලයේ පැටලී සිටි වයඹ ප්‍රධාන ඇමැතිටත් නව මාධය සංස්කෘතියෙන් මිදෙන්නට නොහැකි වෙලා.

සේවක අර්ථ සාධක අරමුදලේ සිය ශේෂයෙන් 30%ක් වයස අවුරුදු 55 සම්පූර්ණවීමට පෙර ලබා ගැනීමේ පහසුකම එම අරමුදලේ සාමාජිකයින්ට අද සිට උදාවේ.

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ව ලබන 11 වනදා තෙක් අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපති අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

මේ වන විට ප්‍රධාන බස්නැවතුම්පොළ 25ක දුම්රිය පොළ අටක ‘වයිෆයි‘ කලාප සක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව සඳහන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මුදල් විශුද්ධීකරණය, කූට ජාවාරම් කිරීම හේතුවන් අන්තර්ජාතික පාපන්දු සංගමයට සම්බන්ධ නිලධාරීන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නොපමාව සම්මත කරගත යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජූනි 10 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නුවරඑළිය, රාගල ප‍්‍රදේශයේ සිදු වූ මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

‘‘ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ පසු පාලකයන් සිතන්නේ තම මඩිය තර කරගැනීම සහ බලය රැක ගැනීම ගැන පමණි. විශේෂයෙන් දරිද්‍රභාවය තුරන් කිරීම වෙනුවෙන් රජයන්ට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම මහත් ම අභාග්‍යයකි. සියලු යසඉසුරු සීමිත පිරිසකගේ පමණක් භුක්තියට සවි වීම නිසා බහුතරයක් මිනිස්සු සතුන්ටත් අන්ත දුක්ඛිත ජීවිත ගතකරති.‘‘

Connet With Us