ඒ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
යතුරු පැදි ලබා ගැනීම සදහා ශ්‍රී ලාංකීය පුරවැසියකු වීම,වසර පහක කාලයක් ක්ෂේත්රයේ රැඳී සිටීම, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටීම, යතුරු පැදි පැදවීමේ බලපත්‍රයක් හිමි වීම යන සුදුසුකම් සම්පුර්ණ කල යුතුය.
මාධ්‍යවේදීන්ට සේ ම මාධ්‍යවේදිනියන්ට ද මෙම යතුරු පැදිය ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙයි. මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යවේදිනියන්ට මාදිලි දෙකින් මෙම යතුරු පැදි ලබා ගත හැකි ය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ මෙම තීරණය ගනු ලැබුවේ ගෙවී ගිය කාලය තුළ නොබියව සත්‍ය වාර්තා කිරීමට කළ මෙහෙවර වෙනුවෙන් කළ ගුණ සැලකීමක් ලෙස බවයි.
හඩපටයට පහතින් සවන් දෙන්න
{soundcloud}https://soundcloud.com/lankadaily/gayantha-ravimp3{/soundcloud}