තමා අත්අඩංගුවට ගැනීමට වැලැක්වීමේ නියෝගයක් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට නිකුත් කරන්නැයි මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
ඒ, සුනාමි අවතැන්වූවහනට උතුරු නැගෙනහිර නිවාස ඉදි කිරීමට පිහිටවූ රාඩා ආයතනයේ මුදල් වංචාවක් ගැන එහි හිටපු සභාපති ලෙස කටයුතු කළ ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය මීට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ව අත්අඩංගුවට නොගෙන ඊට අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
සබැදි පුවත්
ටිරාන් අත්අඩංගුවට ගැනීම නීතිපති අත්හිටුවයි