ටිරාන් අත්අඩංගුවට ගැනීම නීතිපති අත්හිටුවයි

Published in පුවත්
Saturday, 23 May 2015 06:58

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහිව නැගී ඇති චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීම නීතිපතිවරයා පෙරේදා අත්හිට වූයේය. අදාළ මන්ත්‍රීවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කැර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පොලිසිය වෙත නිකුත් කැර ඇති නිවේදනයට අනුව නීතිපතිවරයා මෙම පියවර ගෙන ඇත.

ටිරාන් අලස් මහතා ප්‍රධානත්වය දරන ලද රාධා ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කරන පොලිස් විශේෂ පරීක්ෂණ ඒකකය ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නැඟී ඇති චෝදනා මතින් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් පතා ඇත. මෙහිදී පොලිස්පතිවරයා පවසා තිබුණේ ටිරාන් අලස් මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කැර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කරුණු විමසා සිටිය යුතු බවයි.

ආණ්ඩුව දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන බව පවසමින් ඔහු අත්අඩංගුවට ගත හැකි හෙයින් එය වළකාලීමේ අටියෙන් ටිරාන් අලස් මන්ත්‍රීවරයා මේ මස මුලදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කැර තිබිණ.

මේ පෙත්සම ලබන සතියේ විභාගයට ගන්නා බව ප්‍රකාශ කරන ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් සියලු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කැර ඇත. මන්ත්‍රීවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කැර ඇති නමුදු ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් නැති බව නීතිපතිවරයා පොලිස්පතිවරයාට පෙන්වාදී තිබිණ. එහෙත් මේ වන විට එම මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට නිවේදනයක් නිකුත් කැර ඇති බැවින් නීතිපතිවරයාගේ නියෝජිත නිලධාරීන් අලස් මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට උපදෙස් දී තිබේ.

 

dinamina

Last modified on Saturday, 23 May 2015 07:02

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us