බැඳුම්කර නිකුතුවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්

Published in පුවත්
Saturday, 23 May 2015 07:02

මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට පොදු ව්‍යාපාර ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝප්) යටතේ අනු කමිටුවක් කතානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (22) පත් කළේය.

සාමාජිකයන් 13 දෙනකුගෙන් සමන්විත මෙම අනුකමිටුවේ සභාපතිවරයා වශයෙන් පොදු ව්‍යාපාර ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පත් කළ මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා පත් කර ඇත. සුසිල් ප්‍රේමජයන්ත, වෛද්‍ය රාජිත සේනාරත්ත , ලසන්ත අලගියවන්න, සුනිල් හඳුන්නෙත්ති, අර්ජුන රණතුංග එම්. හසන් අලි, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය රජිව විජේසිංහ , එස්. සරවනබවන්, රෝසි සේනානායක, සුජීව සේනසිංහ සහ වීරකුමාර දිසානායක මහත්වරු මෙහි අනෙක් සාමාජිකයන් වෙති.

අනුකමිටුවේ විමර්ශන කටයුතු ලබන අඟහරුවාදා ආරම්භ කෙරේ. මහබැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ධුරයන් ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති යෝජනාව විවාදයට ගැනීමට පෙර මෙම අනුකමිටුවේ වාර්තාව සැලැකිල්ලට ගැනීමේ අරමුණ මත මේ අනුකමිටුව පත් කර තිබේ.

යෝජනාවෙන් යම් යම් කියාපෑම්වලට ලක්ව ඇති පාර්ශ්වවලට ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දිය යුතු බවට කතානායක චමල් රාජපක්ෂ මහතා දැක්වූ අදහස මත මෙම කමිටුව පත් කර ඇත.

 

dinamina

Last modified on Saturday, 23 May 2015 07:18

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us