බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර කුරුඳුවත්ත පොලිසිය විසින් අද(26) අත්අඩංගුවට ගෙන තිබේ.

පෞද්ගලික අංශයට ලබාදී ඇති රජයේ ආයතනවල ආරක්ෂක සේවය සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් යෙදවීමට රජය තීරණය කර අැත.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ජගත් පී. විඡේවීර මහතා ඊයේ (25 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්‌වී ඇත.

රාජ්‍ය සේවකයන්ගේ දිවා භෝජන විවේකය විනාඩි තිහකට පමණක්‌ සීමා කරන ලෙස උපදෙස්‌ දෙමින් රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඡේ. දඩල්ලගේ මහතා විසින් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත.

බැඳුම්කර නිකුතුවත් සමඟ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදු මිණැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂවරයාට ඊයේ (25) ඒපිළිබඳ ලිපි ගොනුවක් භාර දුන්හ. කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යාලයට ගිය හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන හිටපු ඇමැතිවරු පිරිසක් මේ පැමිණිලි ඉදිරිපත් කළහ .

පසුගිය සතියේදී නිකුත් වූ රන්දිව ඉරිදා පුවත් පත එහි අවසන් කලාපය බව වාර්තාවේ. වසර පහක පමණ කාලයක්  පුරා හිමිකරුවන් කිහිප දෙනෙකු යටතේ ප්‍රකාශයට පත් කළ රන්දිව ඉරිදා පුවත් පතේ වර්තමාන හිමිකරු වන්නේ ව්‍යාපාරික රවී විජේරත්න මහතාය.

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය පදනම් කරගනිමින් ස්ත්‍රී හිංසනයට එරෙහිවීමේ අවශ්‍යතාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් පැවැත්වූ වැඩසටහනක් අද (25) පෙරවරු 09 ට කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණි.

මහත්මා ගාන්ධි හැඳින්වීමට අටුවා ටීකා අවශ්‍ය නොමැති අතර ඔහු බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා දියත් වූ ඉන්දීය නිදහස් සටනේ පතාක යෝධයෙකි. ඔහු විසින් දියත් කරන ලද අවිහිංසාවාදී ව්‍යාපාරය ලොව බොහෝ දෙනෙකුගේ පැසසුමට භාජනය වී ඇති අතර එයින් ලොව පුරා නිදහස් අරගල සහ අයිතවාසිකම් දිනා ගැනීමේ අරගල උත්තේජනය ලබා ඇත. මාර්ටින් ලුතර් කිං (කනිෂ්ඨ) ප්‍රමුඛ නායකන්ගේ මුලිකත්වයෙන් දියත් වූ අප්‍රිකානු-ඇමරිකානු කළු ජාතිකයින්ගේ අයිතිවාසිකම් දිනා අරගලය එයට කදිම නිදසුනකි. ඉන්දියානු ජනතාව මහත්මා ගාන්ධි ව සලකන්නේ “භාරතයේ පියා” ලෙසය.

මරදාන එළිෆිනිස්ටන් රඟහල අසළ බේකරියක හදිසියේ ගින්නක් හටගෙන ඇති අතර එම ගින්නට මැදිවූ තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වර්තමාන කැදවුම්කරු නජිත් ඉන්දිකගේ සොහොයුරා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවා ඇත. විමර්ශනයක් සදහා බව පවසමින් ඊයේ (24) දින ඔහුව එසේ කැදවා තිබේ.

Connet With Us