News Items (18842)
ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා දැරු සියළු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ඒ වෙනුවට තම පවුලේ හිතවතකු හෝ ඉදිරිපත් කිරීම සඳහා මේවන විට සැලසුම් කරමින් සිටී.
කොළඹ වරාය නගරය: චීනයේ සැඟවුණු න්‍යාය පත්‍රයක්? - ඞී. එන්. ආර්. සමරනායක
කොළඹ නගරයට ආසන්න මුහුද ගොඩ කොට, හෙක්ටයාර් 230 ක වපසරියෙන් යුත් පෙදෙසක යෝධ වෙළඳ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට සැලසුම් කෙරුණු ව්‍යාපෘතිය, 2015 මාර්තු මාසයේ සිට අත්හිටුවා තිබේ. ‘චීන සංදේශන ගොඩනැගීම් සමාගමේ’ (සී.සී.සී.සී) මූල්‍ය ප්‍රතිපාදන මගින් ගොඩනැගීමට සැලසුම් කොට ඇති මේ ව්‍යාපෘතිය ගැන, සිරිසේන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, විශේෂයෙන් එම ආණ්ඩුවේ අවසරය ඒ සඳහා ලැබී ඇතැ යි එහි මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න කී අවස්ථාවේ සිට, බොහෝ ලිපි ලියැවී තිබේ.
අතිශය අමානුෂික ලෙස සමූහ අතවරයට ලක්ව මරාදැමුනු විත්‍යා සිසුවියගේ මරණය දේශපාලන අවස්ථාවාදයට යොදාගනිමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
ග්ලයිපොසේට් නම් වල් නාශකය ආනයනය හා වෙළඳාම මුළුමනින් තහනම් කරන බව ජනාධිපතිවරයා අද (22) බණ්ඩාරනායක සමරුහලේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබේ.
තායිලන්තයේ පැවැත්වෙ ෆිඩේ ලෝක පාසල් චෙස් තරඟාවලිය හා සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියා පාසල් චෙස් තරඟාවලියට සුදුසුකම් ලැබීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදයාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන විනුමි විදාරා ජසෙන්තුලියන සිසුවිය සමත්වී අැත.
වරාය අධිකාරියේ සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ඇතුළු තිදෙනෙකුගේ කමිටුවක් පත් කර අැත.
ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය-සුනන්ද දේශප්‍රිය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලන වශයෙන් සහාය දක්වන කණ්ඩායම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන කණ්ඩායම සහ පක්ෂයේ නාමයෙන් ජනාධිපති සිරිසේනට කකුල් මාට්ටු දමන කණ්ඩායම වශයෙන් ශ්‍රීලංනිපය දැන් පැහැදිළිව කොටස් තුනකට කැඩී තිබේ.
උතුරු නැගෙනහිර පළාත්වල හමුදාව සතුව තිබී නිදහස් කරන ලද ඉඩම්වල නිවාස 50000ක් ඉදිකිරීමට ඉන්දියානු රජය මගින් ණය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පුනරුත්ථපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු කටයුතු ඇමති ඩී එම් ස්වාමිනාතන් පවසයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ නඩුව ලබන මස 11 වැනිදා යළි විභාගයට ගැනීමට තීරණය කර තිබේ.
පසුගිය රාජපක්ෂ රෙජිමයේ වංචා දූෂණ නිමක් නැති බවත් රාජපක්ෂලා හෙන්චයියන් පොහොසතුන් බවට පත් කළ අාකාරය අනාවරණය වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ සාමාජිකයින්ගේ හමුවේදීය.
