News Items (18842)
සන්ඩෙලීඩර් ඉරුදින හිමිකරුවා සේවකයන්ට පඩි ගෙවීම නවත්වයි.
සන්ඩෙලීඩර් ඉරුදින පුවත්පත් හී හිමිකරුවා වන අසංග සෙනෙවිරත්න මහතා මේ දිනවල ප්‍රසිද්ධියට නොපැමිණ රහස් ජීවිතයක් ගත කරන බවත් මේ හේතුවෙන් ඔහුගේ ව්‍යපාරවල සේවකයන්ට පසුගිය අප්‍රේල් මාසයේ වැටුපවත් ගෙවීමට එම ආයතන පරිපාලකයන්ට නොහැකිව ඇති බවත් වාර්තාවේ.
සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැඟෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 124ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාඩා ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන්නේ යැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු ඊයේ (19) කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්හ.
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එකෝ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද අංශය වෙත ඇතුළත් කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා හෘද අංශය වෙත යොමු කර ඇති බවත් ඔහු අසාධ්‍ය රෝගයකින් නොපෙළෙන බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා පැවැසුවේය.
පසුගියදා ජනපති සහ අගමැති දෙපළගේ සහභාගිත්වයෙන් ලබාදුන් උතුරේ වලාලියි ප්‍රදේශයේ ඉඩම්වල නිවාස ඉදිවීම තවදුරත් හීනයක්ව පවතියි . මේ පදිංචිකරුවන්ට දවසකට දෙවරක් ගම්මානයට දිවෙන බස්රථය සහ පවුල් 155 කට පානීය ජලය සැපයෙන ගම්මානයේ එකම ළිද හැරෙන්නට වෙනත් කිසිදු පහසුකමක් නොමැති බව වාර්තා වේ .
ඇෆ්ගනිස්ථාන අධිකරණය පසුගිය මාර්තු මාසයේදී කාබුල් නුවරදී කලහකාරී පිරිසක් විසින් මරාදැමුණු කාන්තාව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එරට පොලිස් නිලධාරීන් එකොළොස් දෙනෙකුට වසරක සිර දඬුවම් නියම කර තිබේ.
රිමාන්ඩ් බාරයේ සිටින කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හදිසියේ හෘද රෝග වාට්ටුවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ කොළඹ නගරයේ තිබෙන වීථි පහන් කණු. මේ වීථි පහන් කණු කැමරාවට හසු කරගනිද්දී හරියටම වෙලාව දවල් 12 යි. මේවා රෑට වගේම දවල්ටත් නොනවත්වා දැල්වෙනවා. වීථි පහන් කණු නඩත්තු වෙන්නෙ කොළඹ නගර සභාව හරහායි. ඒ කියන්නෙ මේ අධි බලැති වීථි පහන් හරහා නිකරුනේ අපතේ යන්නෙ මේ රටේ සාමාන්‍ය ජනතාවගෙ මුදල්.
ආණ්ඩුව විසින් සරසවි භික්ෂු බඳවාගැනිම් කප්පාදුවට ලක්කරන බවට චෝදනාකරමින් පිරිවෙන් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින් අද(19) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විය.
පූජ්‍යය මිස්සක කමලසිරි හිමි විසින් රචිත ‘‘මෙසායා හෙවත් දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවා’’ නමැති කෘතිය පසුගිය 12 වන දින (2015-05-12) කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. මතු දැක්වෙන්නේ එදින කතුවර හිමි විසින් වදාළ දේශනය ඇසුරින් සැකසුණ ලිපියකි.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ඔහුට ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ලබන 29 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(19) තීරණය කර තිබේ.
