‘‘ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල්’’ යනුවෙන් ප්‍රස්ථා පිරුළක් ඇත. මේ මොහොතේ උතුරේ සහ දකුණේ ද එවැන්නක් සිදුවෙමින් පවතී. ඌරන් උතුරේ ය; කැකුණ ද උතුරේ ය; උතුරේ ඌරන් කැකුණ තළන විට එය රජ මගුලක් වන්නේ දකුණේ හබන් කකුළන්ට ය. නිකම් නිකම් හබන් කුකුළන්ට නොව ජාතිවාදි හබන් කුකුළන්ට ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමේ කළමනාකාරීන් කිහිපදෙනෙකුට විරුද්ධව එල්ල වී තිබූ ලිංගික අල්ලස් චෝදනා සනාථ වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

දූෂිත රාජපක්ෂ පවුල් ආණ්ඩුව නැවත බලයට ගෙන එම වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙමින් සිටින එම රාජපක්ෂ කල්ලියේ ජේෂඨයෙකු වන වාසුදේව නානායක්කාර සිය දේශපාලන ඉතිහාසය පුරා ගොඩ නගා ගෙන තිබු අන්තිම 'වැදගත්' පොඩ්ඩද ඊයේ විනාශ කර ගත්තේය.

යාපනය කයිට්ස් පුන්කුඩතිව් පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වෙයි.

'පතුළ' වෙබ් අඩවියේ සංස්කාරක ජයම්පති බුලත්සිංහල මහතාගේ ආදරණීය මෑණියන් වන ඇම්. බණ්ඩාර මැණිකා මහත්මිය ඊයේ (21) අභාවප්‍රාප්ත වී ඇති අතර ඇයගේ අවසාන කටයුතු වාරියපොල බමුණාකොටුව දඹලියද්ද පොදු සුසානභූමියේදී හෙට සවස 02.30 ට සිදුකිරීමට නියමිතය.

සෑම  දිනකම ස්වයං වින්දනයේ  යෙදෙන පුද්ගලයන්ට  පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසයි.

යාපනය උසාවියට හානි කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 130 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කටාර්හි පැවති පළමුවන ආසියාතික යොවුන් මළල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ.

නව රජය අධිවේග මාර්ග ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු ගත වියදම් අඩු කිරීමට  බලාපොරොත්තුවෙන්  සිටින බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි. ඔවුන් පවසන පරිදි මෙම ව්‍යාපෘති ඉක්මණින් අවසන් කිරීමේ සහ වියදම් අවම කිරීමේ අරමුණින් ඉදිකිරීම් කරන සමාගම්වල උපදෙස් පරිදි විශේෂ වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වේ. 

වත්මන් අාණ්ඩුවේ අමාත්‍ය ධුර අත්හැර යළි විපක්ෂයට එක් වූයේ කිසිවෙකුගේ උවමනාවකට නොවන බවත් එයට හේතුව වන්නේ නව රජය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් නොසලකා හැර කටයුතු කිරීම බව අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ඩිලාන් පෙරේරා පැවසුවේය.

Connet With Us