නව රජයේ අමාත්‍ය ධුර ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු මීට සුළු මොහොතකට පෙර සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වුණි.

ඌව පළාත් මහ ඇමැති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා එම තනතුරේ කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචානාධිකරණය විසින් අද (21) ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට සභාපති ලෙස අලුතින් තේරී පත් වූ ප්‍රවීණ මළල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හමුවූයේය.

මුහුදේ අතරමංව සිටින හත් දහසකට අධික සංක්‍රමණිකයන්ට තාවකාලිකව සෙවන ලබා දීමට මැලේසියාව සහ ඉන්දුනීසියාව එකඟතාව පළ කර තිබේ.

දෙදහස්‌ දහසය වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික්‌ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ මුවාවෙන් ඔලිම්පික්‌ කමිටුවෙන් අයථා ලෙස මුදල් උපයාගෙන තිබෙන බවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්නට සහ ඔහුගේ පවුලේ උදවියට චෝදනා එල්ල වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ නම් ඔහු නාමයෝජනා මණ්‌ඩලයක්‌ වෙත කැඳවීමකින් තොරව සුවිශේෂි ආකාරයෙන් නාම යෝජනා ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය.එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන පිරිස්‌ සම්මුඛ පරීක්‍ෂණ සඳහා නාම යෝජනා මණ්‌ඩලයක්‌ වෙත කැඳවීමට සූදානමින් සිටින බවද ඊයේ (20 වැනිදා) ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නියෝජනය කරමින් පත්වූ ඇමැතිවරුන් පිරිසක්‌ අද (21 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ සිදුකර සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට නියමිතය. පක්‌ෂයේ දැඩි විරෝධය නොතකා විසුරුවා හැරි පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීමට මෙතෙක්‌ නාමයෝජනා පත්‍ර කැඳවීම සිදු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම ඉල්ලා අස්‌වීම සිදුකරන බව එම පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.

යාපනය, කයිට්ස් පුන්කුඩතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවිය දුෂ්‍ය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයෙකුට එතෙර යාමට අවසර දුන්නැයි විරෝධය පලකරමින් යාපනය නගරයේ කඩ සාප්පු වසා දමා ඊයේ (20) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විණි.

විණැන කලා හා මාධ්‍ය පදනම මගින් සංවිධානය කරන තිලිනා වීරසිංහගේ නාඳුනන ගැහැණිය (1996) සහ නදීකා බණ්ඩාරගේ දියොනිස් දෙවොල පාමුල සිට (2014) කෘති ද්විත්වය පිළිබඳ සංවාදය 2015 මැයි 24 ඉරිදා හවස 3.00 ට මීගමුව ජනාවබෝධ කේන්ද්‍රෙය්දී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ රිළවුන් ආශ්‍රිතව වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ Monkey Kingdom (වඳුරු රාජධානිය) නමැති වාර්තාමය චිත්‍රපටයක් දින 28ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 14.8ක (රුපියල් මිලියන 2000ක් පමණ) ආදායමක් ලබා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

Connet With Us