ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පත්වූ ඇමැතිවරුන් පිරිසක් අද (21 වැනිදා) විශේෂ ප්‍රකාශයක් සිදුකර සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්වීමට නියමිතය. පක්ෂයේ දැඩි විරෝධය නොතකා විසුරුවා හැරි පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීමට මෙතෙක් නාමයෝජනා පත්‍ර කැඳවීම සිදු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම ඉල්ලා අස්වීම සිදුකරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.
කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දසදෙනකුට ආසන්න ප්‍රමාණයක් මෙලෙස තනතුරු අත් හැරීමට සූදානමින් සිටින බවද හෙතෙම කීය.
අද (21 දා) පෙරවරුවේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මොවුන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
"දිවයින"