උෟව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් කර හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත මහතා ඇතුළු ඌව පළාත් සභාවේ මන්ත්‍රීන් පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
ඒ පෙත්සම්වලට අදාළ මූලික විභාගයක් කිරීමෙන් පසුව එය ලබන ජූනි මස 15දා විභාගයට ගැනීමටත් එදිනට පෙර විරෝධතා ඉදිරිපත් කරන ලෙසත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා දැනුම්දුන්නේය.