එම කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා විසින් අද (20) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී කමිටු වාර්තාව භාරදුන්නේය.
මෙම අවස්ථාවට කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහා භාණ්ඩාගාරයේ භාරකාරිනී තරංගනී කීනවින්න දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවයේ අධ්‍යක්ෂක ආලෝක බණ්ඩාර, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් එම්.අයි.එම්. රෆීක් සහ අතිරේක ලේකම් සමන් බණ්ඩාර යන අයද මෙම අවස්ථාවට සහභාගී වූහ.