අාසියානු මලල ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසු ඊයේ(12) රාත්‍රියේ දිවයිනට පැමිණි අැයට සතුට පළ කිරීම සදහා විශාල පිරිසක් අැයගේ නිවසට පැමිණියේය.
රන්පදක්කම් ලාභී මෙම ක්‍රීඩිකාව පවසන්නේ තමන් අාර්ථීක දුෂ්කරතා සහ ක්‍රීඩා පුහුණුවීමට ක්‍රීඩාංගනයක් නොමැතිව මෙම ජයග්‍රහණය අත්කර ගත් බවයි. මේ නිසා අඹගමුව ක්‍රීඩාංගනය හා අඹගමුව ඔයෙන් ගොඩවන පාලම ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස අැය ඉල්ලාසිටී.
තවද තම පවුලේ අාර්ථිකය ගොඩනගාගැනීමට කිසියම් කෙනෙක් ඉදිරිපත්වන්නේ නම් තමන්ගේ මානසිකත්වය හොද තත්වයෙන් පවත්වාගෙන ඉදිරි පුහුණුවීම් සාර්ථකව කළ හැකි බව පවසයි.
රන්පදක්කම්ලාභී යාමනී දුලාංජලී ශිෂ්‍යාව අඹගමුව මධ්‍යමහා විද්‍යාලයේ කලා විෂයයන් හදාරයි. අැයව පිළිගැනීම සදහා පිළීගැනීමේ උළෙලක් ලබන 15 දා ගිනිගත්හේන නගරයේදී පැවැත්වීමට නියමිතය.අඹගමුව මධ්‍යමහා විද්‍යාලයේ අාචාර්ය මණ්ඩලය,සිසු සිසුවියන්,අාදි ශිෂ්‍යයින් සහ ප්‍රදේශවාදීන් විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.
රංජිත් රාජපක්ෂ