පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ඉදිකිරීමේදීත් වංචාවක්

Published in ක්‍රීඩා
Tuesday, 12 May 2015 10:22

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී රුපියල් කෝටි 30 කට අධික වංචාවක් සිදුවූයේද යන්න හෙළිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අතර වූ ගිවිසුම්වල මුල් පිටපත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ආයතනවල කළමනාකරුවන්ට ඊයේ (11) නියම කළේය.

ජාතික හෙළ උරුමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම මූල්‍ය වංචාවන්ට අදාළව පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එලෙස නියම කළේය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා භාණ්ඩ මිලදී ගත් බිල්පත් හා රිසිට් පත්වල මුල් පිටපත්ද එම කොට්ඨාසයට භාරදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයාට නියම කළේය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ඩී.එස්. සිල්වා මහතා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්ය අසූ මාරසිංහ යන මහත්වරුන් විසින් ගිවිසුමකට එළැඹ ඇති බවත්, එම ගිවිසුමට අනුව ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා රුපියල් 985,990,095.66 ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කොට ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිරණයට දැනුම් දුන්නේය.

ආයතනවල සභාපතිවරුන්ගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි මෙහෙයුම් ප්‍රධානී ඈෂ්ලි සිල්වා මහතාත්, ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී එම්.ඩබ්ලිව්.ජේ. ද සිල්වා මහතාත් එම ගිවිසුම්වලට අත්සන් කොට ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිරණයට දන්වා සිටියේය. මේ පිළිබඳව පවත්වන පරීක්ෂණ සඳහා එම ගිවිසුමේ මුල් පිටපත් තමන්ට අවශ්‍ය වී ඇතැයි ඔවුහු දැනුම් දුන්හ.

එම ගිවිසුම මෙන්ම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා භාණ්ඩ මිලදී ගැනීමට අදාළ බිල්පත් සහ රිසිට් පත්වල මුල් පිටපත්ද තමන්ට අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන් නිලධාරීහු, එම ලේඛන තමන්ට බාරදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ට නියම කරන්නැයි ඉල්ලා සිටියහ.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා අවසර ලබාදුන් මහේස්ත්‍රාත්වරයා, පරීක්ෂණ අවසන් කර අධිකරණයට කරුණු දැනුම් දෙන ලෙස පොලීසියට නියම කළේය.

අද

 

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us