අන්නා ද්‍රවිඩ මුන්නේත්තරම් කසගම් පක්ෂයේ නායිකා ජයලලිතා තමිල්නාඩුවේ මහ ඇමැතිනිය ලෙස අද පස්වෙනි වරටත් දිවුරුම් දී තිබේ. ජයලලිතා සහ ඇගේ ඇමති මණ්ඩලය මදුරාසි විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී මෙම දිවුරුම් දීම  සිදුකර ඇති බව වාර්තා වේ.

ලබන ජුනි 1 වන දා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් රුපියල් 2000කින් ඉහළ නංවන බව රජය පවසයි.

ආසියානු ඔලිම්පික් කමිටුව 2017 වසරේ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ක්‍රීඩාවට සිදු කෙරෙන දේශපාලන මැදිහත් වීමයි.

ඉන්දීය අත්අඩංගුවෙන් නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයන් 16 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් වසින් අද(23) උදෑසන මෙරටට බාරදී අැත.

වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉකුත් දින කිහිපයේ ක්‍රියාත්මක කළ වර්ජනයෙන් අද සහ හෙට බැහැරවන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි.
පළාත් සභා සඳහා කාන්තා නියෝජනය සියයට 30 දක්‌වා වැඩිකිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ නව පාලනය මගින් ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනැගී ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

යාපනය නගරයේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පාර්ශ්ව තුනකට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා සමඟ කාලීන දේශපාලනයට අදාළ මාතෘකා කිහිපයක් සාකච්ඡාවට භාජනය කරමින් පැවැත්වූ සංවාදයකි මේ.

මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා කිරීම් ඉලක්ක කර ගත් ‍රැස්වීම සඳහා ශ්‍රී ලනීපයේ මහින්ද පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිස මින් පසු සහභාගී නොවීමට තීරණය කර ඇත.

Connet With Us