අතුරු අයවැයෙන් යෝජිත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීමට අදාළ ඉතිරි රුපියල් දෙදහස ලබන ජුනි මාසයේ සිට ලබාදීමට තීරණය කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඊට අදාළ සියලූ කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ප්‍රධාන කටයුතු ආරම්භයේදී අමාත්‍යාංශ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කිරිඇල්ල මහතා මේ බව සදහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විශ්‍රාම වැටුප් සංශෝධිත චක්‍රලේඛයද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි.