යාපනයේ උද්ඝෝෂණ බෑ

Published in පුවත්
Saturday, 23 May 2015 09:27

යාපනය නගරයේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පාර්ශ්ව තුනකට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඉකුත් 20 වැනි දින යාපනය අධිකරණය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය පාදක කර ගනිමින් ප්‍රදේශයේ සාමය ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී කුමාරවේලූ මනිප්පායි මහතා සභාපත්තිවය දරන ජනතා බලය සංවිධානය, යාපනය කාන්තා සංවිධානය සහ උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්ද ශෂීදරන් මහත්මියට එරෙහිව මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.

අදාළ පුද්ගලයින්ට උසාවිය දැනුම්දී ඇත්තේ යාපනය ප්‍ර දේශයේ සාමය කඩවන ආකාරයේ කිසිදු විරෝධතාවයක් සංවිධානය කිරීමෙන් වළකින ලෙසත් එසේ කළහොත් අත්අඩංගුවට ගන්නා බවත්ය.

යාපනය අධිකරණය ඉදිරිපිට ඉකුත්දා කලහකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂකයින් 130 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර කර අැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us