ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට අහිමි වෙයි

Published in ක්‍රීඩා
Saturday, 23 May 2015 11:54

ආසියානු ඔලිම්පික් කමිටුව 2017 වසරේ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ක්‍රීඩාවට සිදු කෙරෙන දේශපාලන මැදිහත් වීමයි.

මෙම තීරණය දැනුම් දී තිබෙන්නේ ආසියානු ඔලිම්පික් කමිටුවේ සභාපති ෂේක් අහමඩ් අල්-ෆහාඩ් අල්-සබා ටෙහෙරානයේ පැවති මාධ්‍ය හමුවකදීයි. ක්‍රීඩා ඉසව් ගණනාවකින් සමන්විත 2017 වසරේ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ හම්බන්තොට නගරයේයි.

ඒ සම්බන්ධයෙන් ආසියානු ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරනු ලැබ ඇති නව නිවේදනයක දැක්වෙන්නේ, ‘ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ අධිකාරයට එල්ල වී ඇති ප්‍රශ්න හේතුවෙන්’ හම්බන්තොට ලද සත්කාරක වරම ඉවත් කර ගන්නා බවයි.

කෙසේවුවද, ඉහත කී අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් 2017 වසරේ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ සංවිධානය කිරීමට තීන්දු කරනු ලැබ ඇති බව වාර්තා වේ.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us