1978 න් පසසේ අපේ රටට ඔබාගත්ත අහක යන සර්පයා තමයි විවෘත ආර්ථිකේ. දැන් කනෝ කනෝ කියලා කෑගහන්නෙත් කීයෙන් කීදෙනා ද? ‘‘ඉවසීමෙන් සැනසීම ලැබේ’’ කියල පුංචි කාලේ ඉදලම හුරු කරපු හින්දම හැමෝම මේ අසාධාරණය අමනුස්ස ක‍්‍රමය ඉවසන්න පුරුදු වෙලා. රටේ හැම පරිසරයකම මේ ගද ගහන ක‍්‍රමය පැතිරිලා. අපිත් අර කරවිල කරලේ පණුවො වගේ තිත්තම කකා කඹුරනවා කාටහරි. අපිට හිතෙන්නෙම මේක තමයි එකම රහ කියල විතරමයි. හරියටම ළිං මැඩියොත් පරාදයි.

ඉතියෝපියාවේ කැණීම් වලින් නව මානව වර්ගයක් පිළිබඳ සාධක හමුවී ඇත.  පරීක්ෂකයින් එම මානවයන්ට අයත් යැයි සැළකෙන ඇටකටු සහ දත් සොයාගැනීමට සමත්ව තිබේ.

ඊයේ(27) කුරුනෑගල ප්‍රදේශයේ සම්මන්ත්‍රණයක් ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරේ මට හොදටම විශ්වාසයි ජනාධිපතිවත් අගමැතිවත් රාජපක්ෂ පවුල හොරාකාපු මහජන මුදල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නෙ නෑ කියන කාරණය.

කොළඹ නගර ව්‍යාපෘතිය (Colombo Port City) අධීක්ෂණයට හා වාර්තා කිරීමට ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

20ට තවත් සංශෝධන

Published in පුවත්
Thursday, 28 May 2015 12:43
නව පාර්ලිමේන්තුව තුල හිමිවන ආසන ප්‍රමාණය සම්බන්ධයෙන් සුළු පක්ෂවලින් මතුවූ විරෝධය හේතුවෙන් කැබිනට්  මණ්ඩලයට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී ඇතැයි පැවසේ. 

ජොනීට අැප

Published in පුවත්
Thursday, 28 May 2015 11:35

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද (28දා) නියෝග කළේය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් ලෙස අලියා හෝ හංසයා ලකුණින් තරඟ වැදීමට නියමිත බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

මැතිවරණයකදී පෞද්ගලික මාධ්‍යවල ක්‍රියාකලාපය පිළිබඳව සොයා බැලීමට 19 වන සංශෝධනයේ කිසිදු නීති ප්‍රතිපාදනයක්‌ තමන්ට නැතැයි මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.ඊයේ (27) මැතිවරණ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොමසාරිස්වරයා මේ බව පැවසුවේය.

නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට අසනීප තත්ත්වයක් හේතුවෙන්  අද (28)මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිය නොහැකි බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළද, ඉදිරි මැතිවරණය සඳහා පෙර පරිදිම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට පක්ෂ 14 ක නායකයන් තීරණයකට පැමිණි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.

Connet With Us