ඕනෑම මාධ්‍යයක්‌ පාලනය කිරීම මිත්‍යාවක්‌

Published in පුවත්
Thursday, 28 May 2015 10:58

මැතිවරණයකදී පෞද්ගලික මාධ්‍යවල ක්‍රියාකලාපය පිළිබඳව සොයා බැලීමට 19 වන සංශෝධනයේ කිසිදු නීති ප්‍රතිපාදනයක්‌ තමන්ට නැතැයි මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.ඊයේ (27) මැතිවරණ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොමසාරිස්වරයා මේ බව පැවසුවේය.

එම සංශෝධනය මගින් මැතිවරණ කොමිසමට ලබාදී ඇත්තේ රාජ්‍ය මාධ්‍යවලට උපමාන නිකුත් කිරීමට පමණක්‌ බවත් මේ නිසා පොදුවේ සියලු මාධ්‍ය සම්බන්ධයෙන් එකසේ සලකා කටයුතු කිරීමට නොහැකිවීම ගැටලුවක්‌ බවත් ඔහු පැවසුවේය.

කෙසේ නමුත් මැතිවරණයකදී පුද්ගලික මාධ්‍ය සමග ස්‌වයං පාලනයකට යැමට අවශ්‍ය සාකච්ඡාවක්‌ ඉදිරියේදී මානව හිමිකම් කොමිසමේද සහභාගිත්වයෙන් සිදුකිරීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමසාරිස්‌වරයා කියා සිටියේය.

ඕනෑම මාධ්‍යයක්‌ පාලනය කිරීම මිත්‍යාවක්‌ බවත් ස්‌වයං පාලනයකට සියලු දෙනා කටයුතු කිරීම අවශ්‍ය බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේය.

දිවයින

 

 

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us