වාහන 23ක් භාවිත කල සජින් වාස් යළි රිමාන්ඩ්

Published in පුවත්
Wednesday, 20 May 2015 15:31

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන මස 03 දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(20) නියෝග කළේය.

ජනපති ලේකම් කාර්යාලයයට අයත් වාහන 23ක් මන්ත්‍රීවරයා භාවිත කර ඇති බවත්, ඉන් වාහන දෙකක් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේවයක වැඩට යොදාගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

තවත් වාහන දෙකක වර්ණ වෙනස් කර ඇති බවත්, එක් වාහනයක් පිළිබඳව තොරතුරුද නැති බවත් රහස් පොලීසිය කීවේය.

ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හිමිවන්නේ වාහන දෙකක් පමණි.

ඔහුගේ නීතීඥයන් පවසා සිටියේ මන්ත්‍රීවරයා සියලු වාහන භාවිත කළේ හිටපු ජනපතිගේ අනුමැතිය ඇතිව බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us