කොලොම්බියාවේ සල්ගාර් නගරයේ අධික වර්ෂාවත් සමග සිදුවූ නාය යාමකින් අවම වශයෙන් පුද්ගලයන් 58 දෙනකු මිය යන්නට ඇතැයි කොලොම්බියාවේ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මාරියා ඉනෙස් කාර්ඩොනා පවසයි.

යළිත් යුද්ධයක් ඇති නොවීමේ වගකීම ආණ්ඩුව විසින් භාර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තිස්‌පස්‌ වැනි ජාතික යොවුන් නාට්‍ය උලෙල අද (19 ) සිට 28 වැනිදා දක්‌වා සවස 6.30 ට කොළඹ 07, ස්‌ටැන්ලි විඡේසුන්දර මාවතේ පිහිටි බස්‌නාහිර පළාත් සෞන්දර්යය නිකේතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

යතුරුපැදි ලබාගෙන රුපියල් 50,000 ක සහනමිල ගෙවීම මග හැර සිටින හිටපු නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට යතුරුපැදි ලියා පදිංචි කිරීමේ සහතික පොත නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වි ඇති බැවින් ඊට අදාළව ස්වාධින කොමිෂන් සභා සහ ප‍්‍රධාන තනතුරු යළි පත්කළ යුතු බව පුරවැසි බලය සංවිධානය පවසයි.

පොලිස් ස්ථානාධිපතිවරුන් දොළොස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා තිබේ.

ඉදිරියේදි පිහිටුවන ලබන සිය රජය මඟින් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය නියත වශයෙන්ම අහෝසි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

කයිට්ස්, කුන්කුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවියක් සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අටදෙනකු කයිට්ස් පොලිසිය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ආයෝජන පහසුකම් සඳහා මෙන්ම නව කර්මාන්ත ශාලා සඳහා ආයෝජනය කිරීමට එකඟත්වය පල කිරීමට චීනයේ, චින්ඩාවෝ ප‍්‍රාන්තයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 15 ක් එකඟ වී තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔහු අද (18දා) නිදහස් විය. කොළඹ මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි.

Connet With Us