ස්වාධින අධිකරණයක් ඇතිකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්විය යුතු බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
18 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු කරන ලද පත්කිරීම් පිළිබඳ කිසියම් සැක සංකාවක් පවතී නම් මෙමගින් එය නැති කර ගැනීමට හැකි වනු ඇති බව පුරවැසිබලය සංවිධානයේ සම කැඳවුම්කරු නීතීඥ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා පෙන්වා දුන්නේය.
19 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශා්ධනය යටතේ අදාල ධූරවලට දැනට එම ධුරයන් දරණ හෝ වෙනත් සුදුසු පුද්ගලයින් පත් කිරීමට ඉඩ ලබාදීම සඳහා එලෙස තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව අදාල නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.