පසුගිය මැයි මස 16 වැනිදා ගාල්ල නගරයේ සංචාරයක නිරත වෙමින් අදාල ස්ථාන පරීක්ෂා කළ ඔවුන් මේ සඳහා සිය එකඟත්වය පළ කර ඇත.
ගාල්ල වරාය හා ධීවර වරාය පරීක්ෂා කල එම ආයෝජන කණ්ඩායම එහි සංවර්ධන කටයුතු සඳහා ද කැමැත්ත පල කල අතර, වරස 50 කට අධික කාලය පුරාවට කුඩා වර්ෂාවකදී පවා ගාල්ල නගරය වැසි ජලයෙන් යටවන බැවින් එම ජල ගැල්මේ ප‍්‍රශ්ණය සඳහා නිසි විසඳුමක් ලබා දීමට අවශ්‍ය කරන මූල්‍යමය ආධාර ලබා දීමට හා ගල්ල නගරයේ නව නිවාස 5000 ක් ඉදි කිරීම පිළිබඳව ද විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද සම්බන්ධ විය.