හොරු අල්ලනවාට ශ්‍රීලනීපය පැහැදිලිවම විරුද්ධයි !

Published in පුවත්
Tuesday, 19 May 2015 06:57

ඉදිරියේදි පිහිටුවන ලබන සිය රජය මඟින් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය නියත වශයෙන්ම අහෝසි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

එක්සත් ජනතා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දේශපාලන වශයෙන් දඩයම් කර ඔවුන්ගේ දේශපාලන විනාශ කිරීම මේ ඒකකයේ අරමුණ වී ඇති බවත් ඊට සම්බන්ධ වී අත්නෝමතික තීන්දු තීරණ ගත් පුද්ගලයන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවත් හෙතෙම කිවේය. ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවත් සමඟ එම ඒකකයේ කටයුතු නීතිඥානුකූල නොවන බව විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවේදි මන්ත්‍රීවරයා ප්‍රකාශ කෙළේය.

යම් අපරාධයක් හෝ දූෂණයක් සිදුකර ඇත්නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආයතන තිබියදීත් වත්මන් රජය ඔවුන්ට අවශ්‍ය අය බිල්ලට ගැනීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පිහිටුවා ඇති බව පැවැසු ඒ මහතා මීට පෙර බිහි වු කිසිම රජයක් මෙවැනි මර්දනයන් සිදුකර නැති බව කියා සිටියේය.

මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය හා ඊට අදාළ ගැසට් පත්‍රය වහා හකුලාගෙන අධිකරනයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින බව ඒ මහතා පැවැසීය.

මේ නියෝග නොතකා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් ඉදිරියටත් මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාකළහොත් කුමක් කරන්නේ දැයි මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රිවරයා එවැන්නක් සිදුවුණහොත් ඊට අවශ්‍ය පියවර ගන්නා බව කීවේය.

මේ අවස්ථාවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ඇමැති මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහත්වරුන්ද සහභාගි වි සිටියහ.

කෙසේ නමුත් මෙම ඒකකය මඟින් විමර්ශනයට ලක් කර ඇත්තේ පැහැදිලිවම දූෂණ වංචා චෝදනා ඇති දේශපාලකයන් හා නිළධාරීන් පමණකි. ඔව්න්ට එරෙහිව දඬුවම් පැමිණ වීම හෝ එම චෝදනා විභාග කිරීම අධිකරණයේ කටයුත්තක් වන අතර මේ දක්වා නීතියට එපිටින් කිසිදු කටයුත්තක් සිදුව ඇති බව වාර්ත නොවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us