News Items (18842)
ගෝඨාට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නීතියට පිටින් ගිහිල්ලා - අගමැති
අප රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහනම් නියෝගයක් නිකුත් කරන්නේ නම් විනිශ්චයකාරවරුන් තිදෙනකු විනිසුරු මඬුල්ලේ සිටිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට නොගන්නා ලෙස විනිසුරුවරුන් දෙදෙනෙ කු දී ඇති නියෝගය පිළිබඳව ගැටලුවක් පවතින බව නීතීඥයින් තමන්ට දැනුම් දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .
මත්තල දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා පසුගිය ආණ්ඩුව ගත් ණය මුදල වෙනුවෙන් මසකට රුපියල් මිලියන 250 ක් ගෙවීමට සිදුව තිබේ.
ලෝකයේ විවිධාකාරයේ විනෝදජනක ක්‍රීඩා පැවැත්වෙනවා. ජපානයේ විනෝදය වගේම පරාජිතයාට අප්‍රසන්න අත්දැකීමක් උරුමකර දෙන වැඩසටහනක් ගැනයි මේ කතාව.
නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමේ වයිෆයි කලාප දහසක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සියලුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සදහා අන්තර්ජාල පහසුකම් ලබා දීමට සූදානමක් පවතී.
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ අභ්‍යන්තර අවතැන් වුවන් නැවත පදිංචි කිරීම පිළිබඳ එම පක්ෂයේ ස්ථාවරය පරස්පර විරෝධී එකක් වී ඇති බවයි. මෙතෙක් කාලයක් වර්ගවාදය ප්‍රතික්ෂේප කිරීමේ ස්ථාවරයක සිටි ජනතා විමුක්ති පෙරමුණ අන්තවාදී බෞද්ධ බලවේග විසින් නොමග යවා තිබීම කණගාටුවට කරුණක් බව මුස්ලිම් කවුන්සිලය පවසයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා කතානායක චමල් රාජපක්ෂ මහතා අද (15) අත්සන් කර තිබේ.
පින්නවල සත්ත්වෝද්‍යානය තුළට අභිජනන මධ්‍යස්ථානයක් හා ජෛව උද්‍යානයක්
මෑතකදී විවෘත කරන ලද පින්නවල නව සත්ත්වෝද්‍යානය තුළ කුඩා ක්ෂීරපායී සතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා ජෛව උද්‍යානයක් අැති කිරීමට සදහා කැබිනට් අනුමැතිය හිමිව අැත.
චීනයේ තෙදිනක නිළ සංචාරයක යෙදී සිටින ඉන්දියාවේ අගමැති මෝදී එරට නායකයින් සමග ඉන්දු චීන දේශ සීමාවන් ගැටළුවට තිරසාර විසඳුමක් ලබාදීම පිළිබද සාකච්ඡා කර ඇත .
නව මැතිවරණ ක්‍රමයට සුළු පක්‍ෂවලද එකගතාව හිමි වී අැත. නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ කැබිනට් අනුකාරක සභාව සහ සුළු පක්‍ෂ නියෝජිතයන් අතර ඊයේ (14)රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකගතාව පළවී අැත.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) අධිකරණයට දැනුම්දී තිබේ.
