නගර සංස්කෘතියේ කළු සුදු - මනුබන්දු විද්‍යාපති

Friday, 15 May 2015 12:27

මේ දිනවල රාත‍්‍රියට කොළඹ නගරය හැම තැනම පුංචි විදුලි බුබුළු වලින් අලංකාර කරලා. බැලූ බැල්මට මේක එක්තරා චමත්කාර උපදවන දෙයක්. ජනයා නගරයේ සංස්කෘතිය අත්විඳිනවා යයි කාට හරි හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම නාගරික පරිසරයක් ඇතුලේ වුණත් අද රටේ දියුණු හා සජීවි සංස්කෘතියක් තියෙනවාද? ඒ විදහේ සංස්කෘතියක් බෙදාහදා ගැනීමක් නැත්නම් තරමක් හෝ සාමුහිකව සංස්කෘතිය අත්විඳීමක් තිබෙනවාද? ”ජීවත්වීම” කියන දේ කෑම බීම, එදිනෙදා කටයුතු හා රැකියාවටත්, අනාගතය සඳහා මුදල් එකතු කර ගැනීම කියන තැනට ලඝු වෙලා තිබෙන මේ වගේ යුගයක, සංස්කෘතිය, කලාව කියන දේ නිකම්ම අහසට විසිවෙලා අමතක වෙලා යන දෙයක් බවට පත් වෙලා දුර බැහැර ප‍්‍රදේශවල කෙසේ වෙතත්, අඩුම ගණනේ කොළඹ නගරය ආශ‍්‍රිතව පවා සජීවි සංස්කෘතියක ජීවිතයක් අත්විඳින ප‍්‍රමාණවත් පිරිසක් සිටිනවාද කියන දේ සැක සහිතයි.

එහෙත් බොහෝ බටහිර වගේම ආසියාතික රටවල්වල වුණත් තවමත් දියුණු සංස්කෘතියක්, කලාවක් දකින්නට තියෙන්නේ, එවැන්නක් ගොඩ නැගෙමින් තිබෙන්නේ, නාගරික සංස්කෘතියක් තුළයි’ පැරිස්, බාසිලෝනා, බර්ලින්, ලන්ඩන්, වොෂින්ටන් පමණක් නොව ටෝකියෝ, පීකිං, හොංකොං, නවදිල්ලිය, කල්කටා පවා විවිධ මට්ටම්වල ඒ ඒ සමාජ සංස්කෘතික ස්වාභාවයන් අනුව, ”සජීවි” සංස්කෘතික ජීවිතයක් ගොඩනගා ගත් සංස්කෘතික නගර, මේ නගර ආශ‍්‍රිතව ජීවත්වන නාගරික වැසියන්ගේ ජීවිත, මේ මගින් සජීවි ලෙස ක‍්‍රියාත්මක වන සංස්කෘති කල ජීවිතයත්, ඒ ක‍්‍රියාකාරකම් සමඟත් තදින් බැඳී තිබෙනවා. ඒ දිනෙන් දින ගොඩනැගෙන සංස්කෘතික ජීවිතයක් ”සමඟ’ මේ නාගරික වැසියා දියුණු සංස්කෘතික ජීවිතයක් බවට පත්වෙනවා.

ඇතැම් විට මේ දියුණු සංස්කෘතික ජීවියා, දියුණු අධ්‍යාත්මික ජීවියෙකු දක්වා වර්ධනය වෙන්නට පවා අවකාශය ඒ භාවිතාවන් තුළ තිබෙනවා. ඒත් මේ දියුණු නාගරික සංස්කෘතීන්වල ඇතිවන පසු ව්‍යුහයන් නිසා ඇතැම් විට ඇතිවන ප‍්‍රතිඵල නම් සමාජයට සුභදායක නැහැ. පාතාල නායකයින්, දාමරිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මිනීමරුවන් පවා මේ දියුණු නාගරික සංස්කෘතිය තුළ සුව පහසුවෙන් ගත කිරීමත්, මෙවැනි පුද්ගලයින්, කලාකරුවන්, කලා අනුග‍්‍රාහකයින් දියුණු තියුණු කලා රසිකයන් හෝ විචාරකයන් ලෙස වේෂ නිරූපණය වීමත්, බටහිරත් ආසියාවේත් මේ වගේ සංස්කෘතික නගරවල සුලබව සිදුවෙනවා"

විශේෂයන්, කලාකරුවන්ගේ ජීවිතය, අත්දැකීම්, දැනුම, ආත්ම ප‍්‍රකාශනය වෙනස්වීමේදීත්, දියුණු වීමේදීත් නාගරික සංස්කෘතිය විශාල දායකත්වයක් දරනවා. ඒ තත්ත්වය පැහැදිලි කරන්නට ”පැරිස්” නගරය පමණක්ම ඇති’ සාත්‍රේ, සිමොන් දී බෝවා වැනි දාර්ශනිකයින් සාහිත්‍යකරුවන් වගේම ”ගොගෑන්”, පිකාසෝ, වැන්ගෝ, ඩැගේ වැනි සිත්තරුන්ටද, ෂාන් ජෙනේ, අයනෙස්කෝ, ෂාන් කොක්කෝ” වගේ නාට්‍ය හා රංගකලාකරුවන්ටද’ ”ගොඩාඞ්, ටෲෆෝ, එරික් රෝමර්, කිසලොව්ස්ක” බඳු සිනමාකරුවන්ට ද ”පැරිස්” නගරයේ සංස්කෘතික ජීවිතය ම`ගින් තමන්ගේ ආත්ම ප‍්‍රකාශනය හා දැක්ම දැන හඳුනාගන්නට විශාල පිටිවහලක්” පසුබිමක් ලබා දී තිබෙනවා. අපේ අසල්වැසි ඉන්දියාවේ පවා ”සත්‍යජිත් රායි”, ”රිට්වික් ඝටක්”, ”මිර්නාල්සොන්” වැනි සිනමාකරුවන්ගේ භාවිතාවන්, ”කල්කටා” නගරය අමතක කොට හඳුනාගත හැකිය? අපේ කලාකරුවන් හා නිර්මාණ අතර නම් වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ, ගම හා නගරය අතර ”දෙමුහුම් බවයි, පෙනෙන්නේ.

බොහෝ කලාකරුවන්ගේ කලා නිර්මාණ පසුබිමේ, ගැමි චින්තනයකින් උපන් දස්කමකුත්, නගරය පිළිබඳ තියුණූ විවේචනයකුත් දකින්නට තිබෙනවා. විශේෂයෙන්ම මේ බොහෝ කලාකරුවන් වඩාත් ඉස්මතු කර දක්වන ගැමිකම පසුබිමේ” වැඩවසම් පසුගාමී දින ස්වාභාවයන් ද පෙන්නුම් කෙරෙනවා’ සිංහල සිනමාවේත් සාහිත්‍ය කලාවේත් බොහෝ විට කියවුනේ, ගමේ සාධු ගුණාංග, නගරයේ සංස්කෘතිය නිසා විනාශ වන බවයි. එහෙත් පවතින සාහිත්‍ය කලා ක්‍ෂේත‍්‍රයේ, නාගරික ජීවිතය මුදුන් මුලක් සේ සවිමත්ව පවතින, නාගරික ජීවිතයේ හා සංස්කෘතියේ අපූරු හැඩරටාවන් රිද්මයන් ස්පර්ශ කරන නිර්මාණකරුවකු ලෙස අජිත් තිලකසේන වඩා පැහැදිලිව දකින්න පුළුවන්. ඔහු නාගරික ජීවිතයෙන් උපදින විවිධ මනෝ සංකීර්ණතා හා වියවුල් මොනතරම් නිරූපණය කළත්, නාගරික සංස්කෘතිය කෙරේ ඊනියා විරෝධයක් හෝ අපුලක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම ධර්මසේන පතිරාජගේ ”අහස් ගව්ව”, ”පාරදිගේ”, ”සොල්දාදු උන්නැහේ”, ”මතුයම් දවස” වගේ චිත‍්‍රපටවලත් නාගරික සංස්කෘතියේ වෙනත් ස්ථිර හා අහුමුළු මනාව පෙන්නුම් කෙරෙනවා. පතිරාජගේ නිර්මාණ තුළත් ”ගම” රොමෑන්ටික් කරගත් දැක්මක් ඇත්තේ නැහැ."

කෙසේ වුණත් අද දවසේ නම් ගමේ සංස්කෘතිකාංගත් නගරයේ ගුණාංගත් එකිනෙක මුසුවන වෙනම අනන්‍යතාවක් සහිත නාගරික සංස්කෘතියක් පෙනෙන්නට තිබෙනවා. අපේ මේ ”අර්ධ නාගරික - අර්ධ ග‍්‍රාමීය” සමාජයේ අය තවදුරටත් නාගරික හා ඉහළ සංස්කෘතික වටිනාකම්, තමන්ගේ සමාජ ජීවිතයට අලවා ගන්නට ”ඔඩෙල්” එකෙන් ඇඳුම් ගන්නවා. ”කේෆ්සි” එකෙන් කුකුල් මස් කෑලි කනවා. ”ක්‍රෙස්කැට්” එකෙන් ඇඳුම් බලලා ඇවිත්, සිසිල් බීමක් බීලා ”පමුණුවෙන්”් ටී ෂර්ට් එකක් අරන් ගෙදර යනවා. ඒත් ඒ කිසිම කෙනෙකුට චිත‍්‍ර දැක්මක් බලන්න, සංගීතය අහන එක පුරුද්දක් කරගන්නට, පුස්තකාලයට ගිහින් කියවන්නට පුරුදුවීම, නාට්‍යයක් නැරඹීම, වටිනාකමක් ඇති සංස්කෘතික කටයුත්තක් හැටියට දකින්න අමාරුයි.

ඊට වඩා අඩුවෙන් කාලය අඩුවෙන් වැය වෙන ජංගම කටයුතු තමා, මේ අලූත් භාග නාගරික සංස්කෘතියට වැදගත්. ගම - නගරය මුසු වුණු මේ දෙමුහුම් නාගරික සංස්කෘතියත් එහි ළමා විලාසිතා කටයුතුත් දියුණු නාගරික සංස්කෘතිය හැටියට පටලවා ගත් අපේ සමාජයට නාගරික සංස්කෘතියේ හැබෑ ගුණාංග හඳුනාගන්නට නම්, විශාල දැනුමක්, අධ්‍යාපනයක් අවශ්‍ය වේවි. ඒ අධ්‍යාපන ලබා දෙන්නේ කවුද? මේ පවතින රූපවාහිනී නාලිකා ද, ගුවන් විදුලි නාලිකා ද?, අපේ පුවත්පත් ද?, ගුරුවරු ද?, සංස්කෘතිය සම්බන්ධ ආයතන ද? කලාකරුවෝ ද? උත්තර නම් පේන තෙක් මානයක නැහැ. ඒත් අපේ සමාජයට, තමන් රැුකෙන ගමන් ”පාට් ටයිම්” වැඩක් හැටියට සිතා බැලිය යුතුම ක්‍ෂේත‍්‍රයක්, කලාව, සංස්කෘතිය, අධ්‍යාපනය. මේවා ”පාට් ටයිම්” දේවල් ලෙස සැලකීම අපේ ඉතිහාසගත ජාතික සම්ප‍්‍රදායක්, නැද්ද?."

(heartlk)

Last modified on Friday, 15 May 2015 12:30

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us