ඉදිරි වර්ෂ දෙකේදී ලංකාවේ අංග සම්පූර්ණ හෙද විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඔහු මෙම අදහස් දැක්වූයේ ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සදහා අද(11) අරලිය ගහ මන්දිරයේ පැවති රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ උත්සවය අමතමිනි.

නේපාලයේ නැගෙනහිර ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.4ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් සිදුවී ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා ගවේශන ආයතනය පවසයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ස්වයං නිර්ණ අයිතිය මත පදනම්වූ දේශපාලන විසඳුමක් දමිළ ජනතාව වෙත ලබාදෙනු ලබා දෙනු ඇති බවට විශ්වාසයක් ඇතැයි දෙමළ සන්දානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්දන් පවසයි. ඔහු මේ අදහස් ප්‍රකාශ කරේ පසුගිය සෙනසුරාදා(09) මඩකලපුවේ කෝවිලක පැවති උත්සවයකදීයි.

වයලීනය හා මිතුරු වූ ඔහුගේ අතැඟිලි ලෙළදීමද, සැමවිටම මුවග රැඳුණු සැහැල්ලු සිනහවද අද දකින්නට නොමැතිය. කඩිසරව වයලීනයේ ස්වර ස්පර්ශ කිරීම වෙනුවෙන් දිවයන ඒ අතැඟිලි දෙස බලා සිටින ඔබට ඔබව පවා අමතක වෙන තරමට මිහිරියාවක් එක්කළ ඔහුගේ වයලීන වාදනයෙන් රසවත් වෙන්නට තවත් දවසක් උදාවේද යන සැකයෙන් මුසපත්ව බලා සිටින්නට අද අපට සිදුව තිබේ.

මේ අද නුවර කොළඹ යක්කල පාරේ සිදුවුණ සිද්ධියක්. සයිරන් නළා දාගෙන සංඥං එලි දල්වාගෙන තමන්ට ඕන ඕනේ විදිහට පාරේ යන්න පුළුවන්ද? ටිකක් හිතන්න KW 9990 මේ වාහනේ කාගෙද? කවුද මේකේ ගියේ හොයන්නම ඕන කාරණයක්.

ලෝකයේ වැඩිම මිලකට අලෙවි වූ චිත්‍රය ලෙස පිකාසෝගේ 'Women of Algiers' නම් චිත්‍රය වාර්තාවක් තබා තිබේ.

පසුගිය යුද සමයේ ලංකාව හැරදමා ඉන්දියාවට පළාගිය ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු ලබන 13 වැනිදා යළි ශ්‍රී ලංකාවට ගෙනඑන බව නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2012 වසරේදී ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

දළදා මාලිගාවේ අරමුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.

මඩු රක්ෂිතය හා විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රී පාල සිරිසේන යහපාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කණගාටුවකට කරුණකි. එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැළසුම් වලදී මෙරට වනාන්තර 39ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩ කඩ ජාතික භෞතික සැලැස්ම හරහා මේ වන විට ක්‍රියාවට නංවමින් සිටී.

Connet With Us