සේකර එබදු ව්‍යසනයක් කල් තියා දුටුවේ ඔහු සතුව පැවති අනාවැකි පැවසීමේ හැකියාවක් හේතුකොට ගෙන නොව නිර්මාණකරුවකුට උරුමව ඇති අනාගතය විනිවිද දැකීමේ ශක්‍යතාව ඔහු සතු වු බැවිනි. කලාකරුවා/නිර්මාණකරුවා යනු මෙලෙසින් අනාගතය විනිවිද දැකිය හැකි පුද්ගලයෙක් බව සනාත කරන්නට අවශ්‍ය සාක්ෂි ඉතිහාසයේ දී ඕනෑ තරම් අපට හමු වී ඇත. මේ සූදානම් වන්නේ ඒ පිළිබඳ කතිකාවක් ගොඩනගන්ට නොවේ. සේකර මෙන් ම එහෙත් ඔහු අභිභවා අනාගතය විනිවිද දුටු ලේඛකයකුගේ ප්‍රබන්ධ කෘතියක් පිළිබඳ කතිකාවක් ගොඩනගන්නට ය.
විසාකේස චන්ද්‍රෙස්කර නම් වූ නිර්මාණකරුවා මුල් කාලයේ අපට මුණ ගැසෙන්නේ වේදිකා නාට්‍යය ක්ෂේත්‍රෙය් දී ය. ඒ: ‘‘තහනම් අඩවිය’’, ‘‘කටු යහන’’ සහ ‘‘දේවදාසී’’ යන නිර්මාණ ත්‍රිත්වය සමාජ ගතකළ හෙයිනි. මේ වන විට ඔහු සාහිත්‍යය නිර්මාණයක් මතු නොව සිනමා නිර්මාණයක් ද තම නිර්මාණ භූමිතුළ රෝපණය කොට හමාරය. ‘‘රජ සහ ඝාතකයා’’ ඔහු ගේ පළමු සිංහල (ඔහු විසින් ම මෙම කෘතිය ඉග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට ඇත) ප්‍රබන්ධ සාහිත්‍යය නිර්මාණය යි.
විසාකේස ‘‘රජ සහ ඝාතකයා’’ කෘතිය රචනා කිරීම අරඹන්නේ 2012 වසරේ දී ය. එය මුද්‍රණද්වාරයෙන් එළිදකින්නේ 2014 වසරේ දී ය. එහෙත් ප්‍රබන්ධ කතාව ඇරඹෙන්නේ 2019 වසරෙනි. එනම් තවත් වසර පහක් ඉදිරියෙනි. ප්‍රබන්ධයේ ඇරඹුම 2019 වුව ද සමස්ත කෘතිය පුරා ම අන්තර්ගතවන්නේ වර්තමාන ලාංකීය දේපාලන භූමිකාව සහ එහි ම අනාගත දිගුව ය.
විසාකේස සිය නිර්මාණය ප්‍රබන්ධ කිරීම සඳහා විවිධ විෂයයන් උපස්තම්භක කොට ගැනීම වෙසෙස් ලක්ෂණයකි. ඔහු සාමාන්‍යය සමාජයේ දක්නට ලැබෙන ප්‍රපංචයන් මෙන් ම තාක්ෂණික දියුණුවේ අපූරු නිර්මාණ ද සිය කෘතියේ අන්තර්ගතය හා බද්ධ කරයි. ජාන තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ගෘහනිර්මාණ ශිල්ප තාක්ෂණය, යනාදි සියලු තාක්ෂක ක්‍රමෝපායන් සිය නිර්මාණය හැඩ-වැඩ කරන්නට උපස්තම්භක කොට ගන්නා අතර ම ජ්‍යෝතිෂය, ගේය කාව්‍යය, මතු නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඒ හා බද්ධ කොට ඇත. මේ සියලු විෂයයන් විවිධ හැඩයන්ගෙන් යුක්ත වුව ද නිර්මාණකරණයේ දී ඔහුට මේ සියල්ල තමා නිමවන මුතුපොට අලංකාර කරගැනීම සඳහා අවැසි මුතු කැට පමණි. හෙතෙම විවිධාකාර ලක්ෂණයන්ගෙන් යුත් මුතු අමුණා අපූරු මුතුපොටක් නිමවා ඇත. පාඨකයා එහි හැඩ-වැඩ මතුපිටින් නරඹා ඉවත නොගොස් එහි අන්තර්ගත මුතුවලින් සංකේතවත් වන්නේ වත්මන් සමාජයේ කුමනාකාර මානයන් ද යන්න පසක් කර ගන්නේ නම් එය විසාකේසගේ ජයග්‍රහණයක් පමණක් නොව මෙරට සාහිත්‍යය ඉතිහාසයට නව පිටුවක් එකතු වීමක් වනු නොඅනුමාන ය.
‘‘රජ සහ ඝාතකයා’’ ප්‍රබන්ධයේ පූර්විකාව ම සාම්ප්‍රදායික පූර්විකා ලක්ෂණ අභිභවාගොස් ඇත. එම කොටසින් විද්‍යාමාන වන්නේ ලංකා මාතාව නම් වූ කොදෙව්ව ප්‍රබන්ධයේ කාලසීමාවට සාපේක්ෂව මුහුණ පා ඇති ඉරණමයි. මේ කොදෙව්ව පත්ව ඇති ඉරණම වෙනස් කොට එහි වෙසෙන ජනතාවට යහපත් අනාගතයක් උදාකර දීම උදෙසා ඇපකැප වන උත්තරීතර මිනිසකුගේ ධෛර්යවන්තභාවය සහ ඔහුට අවැසි සියලු මගපෙන්වීම් කරමින් එදෙස බලාසිටින ජනතාව සංකේතවත් කරන්නට එම පූර්විකාව සමත්ව ඇත. එමෙන් ම මිනිසා නමැති සත්වයාගේ නොමනා කල්ක්‍රියාව හේතුකොට ගෙන සිදුවන පාරිසරික හානිය පිළිබඳව රූපකයක් පාඨකයාගේ දෑස් ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට මෙම පූර්විකාව තවත් කුඩා ප්‍රබන්ධයක් බවට පත්කොට ඇත.
කෘතියේ පළමු පරිච්ඡේදය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30, 38 සහ 40 වන වගන්ති උපුටා දක්වමින් ‘‘විධායක ජනාධිපති ධුරය’’ නමැති හල්ක් ගේ භයංකර බව චිත්‍රණය කරයි. ඉන් අනතුරුව ප්‍රබන්ධයට අදාළ රාජ්‍යයේ දේශපාලන තන්ත්‍රය සදය උපහාසයට ලක් කරමින් අනාගතයේ එහි සිදුවීමට නියමිත සමාජ, දේශපාලන, ආර්ථික පරිවර්තනය පිළිබඳ ඉඟි සපයයි. මෙහි කතුවරයා ගොඩනගන ප්‍රබලම රූපකය වන්නේ අනාගතයේ දි රටේ නායකකාරාදින් බවට පත්වන දේශපාලන උරුමක්කාර, පොල්මඃකාර පරපුර බිහිවන්නේ කුමන පදනමක් යටතේ ද යන ඉඟිය යි.
මිනිසුන් තමන්ගේ යැයි කියාගන්නා බොහෝ දෑ රැකගැනීම උදෙසා අනෙකාට බැන අඬගැසීමේ සිට දහස් ගණන් ජනයා ඝාතනය කිරීම දක්වා වූ ම්ලේච්ඡ ක්‍රියා වෙත ගමන් කරයි. එහෙත් බෞද්ධ දර්ශනයට අනුව ‘‘සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලු ය’’ එය ලොව පවතින සියලු දෑවෙත බලපාන්නාසේ ම ඕනැම රටක, ජාතියක, ආගමක, කුලයක සංස්කෘතිය කෙරෙහි මතු නොව ආගම නමැති සංකල්පය කෙරෙහි ද සමානුපාතික අන්දමින් බලපාන බව ප්‍රබන්ධකරුවා හෙළිකරයි.
පෘතග්ජනයෝ වන අප පවතින ඕනෑම ආගමක්, ජාතියක්, කුලයක්, සංස්කෘතියක් සර්වකාලීන යැයි සිතා ඒවා රැකගැනීම වෙනුවෙන් අනෙකාගේ ජීවිත හෝ දේපළ විනාශ කිරීම ලෝකයේ පවතින විශාල ම මෙන්ම දරුණු ම අනුවණ ක්‍රියාව බව මෙම කෘතිය තුළ ප්‍රකට කර ඇත. එමෙන් ම අසවල් ගුණාගය පවතින්නේ තම රටේ පමණය, අසවල් ලක්ෂණය දක්නට ලැබෙන්නේ තම සංස්කෘතියේ පමණය, අසවල් භාෂාවට හිමිකාරිත්වය දරන්නේ තම රටේ ජනතාව පමණය යනාදී ගතානුගතික මත තර්කානුකූලව ම ඛණ්ඩනය කරන්නට මෙම ප්‍රබන්ධය කදිමාකාර නිදසුන් සපය යි. සාහිත්‍යය ප්‍රබන්ධයක් ලෙස කියවමින් ම එහි ගැඹුරට කිමිද, කෘතියේ අන්තර්ගත සිද්ධි සහ චරිත හැසිරීම් පිළිබඳ නිරීක්ෂණය කරන්නකුට මෙම යථාර්ථය වටහා ගැනීම එතරම් අසීරු කාර්යයක් නොවේ. නමුත් ඒ සඳහා පාඨකයාට විවෘත මනසක් තිබිය යුතු ය. එසේ නොවන්නේ නම් ඔවුන් අදාළ සිද්ධි සහ චරිත බහාලන්නේ තම තමන්ගේ කෝණ තුළට පමණි. එවිට පුද්ගලයා ගේ ගේ සිතුවිලි ගමන් කරන්නේ සිමාසහිත දුරකට පමණි. ඉන් ඔබ්බෙහි ඇති යථාර්ථය වටහා ගැනීමට එය දැවැන්ත බාධකයක් වීම නොඅනුමාන ය.
දේශපාලනඥයා යනු කපටියෙකි. අදාළ පුද්ගලයා ගැහැනියකු වුව ද පිරිමියකු වුව ද තම බලය චිරාත් කාලයක් රඳවාගැනීම උදෙසා සම්මතය අභිභවමින් ක්‍රියා කරයි. රටේ පවතින නීතිය, සදාචාරය, සභ්‍යත්වය, සංස්කෘතිය, මානුෂික ගුණාංග යන කිසිවක් අදාළ පුද්ගලයා භාවිතා නොකරයි.
ධර්මිෂ්ට සමාජයක් බිහි කරන්නට පැමිණි නායකයා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන තමා සන්තකයේ තබාගන්නේ එ’නිසා ය; අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ සිටින වයෝවෘද්ධ ම, දුර්වල ම පුද්ගලයා තොරා ගන්නේ එ’නිසා ය; මැති ඇමති ධුරවලට අමතර විවිධ වරදාන වරප‍්‍රසාද ලබාදෙන්නේ එනිසා ය; ප‍්‍රධාන පුරවැසියාගේ සමීපතම ඥාතීහු ආණ්ඩුවේ ප‍්‍රබල තනතුරුවලට පත්කරගන්නේ එ’නිසා ය; තම දරුවන් ත‍්‍රිවිධ හමුදාවට සම්බන්ධ කිරීමට අමතරව දෙවන පෙළ නායකයා ලෙස පත්කරගන්නට පිඹුරුපත් සකසන්නේ එ’නිසා ය.
මෙලෙස සිය ඥාති මිත‍්‍රාදීන් වෙනුවෙන් රටේ සම්පත් කොල්ලකැමට ඉඩ පහසුකම් සලසන පාලකයෝ රටේ පැවැත්ම වෙනුවෙන් යැයි පවසා විදෙස් ණය ලබාගන්නේ සීමා රහිතව ය. විවිධ රටවලට හිඟමනේ ගොස් ලබාගන්නා එකී ණය මුදලෙන් ද හතරෙන් තුනකින් තම ස්විස් බැංකු ගිණුම් තර කර ගන්නා පාලකයෝ ‘‘බල්ලො මරා හෝ සල්ලි හොයන’’ තත්ත්වයට ජනතාව යොමු කරවති.
‘‘විධායක ජනාධිපති ධුරය’’ යනු වසර අර්ධ ශතකයකට ආසන්න කාලයක් මෙරට ජනතාව පිඩනයෙන් පීඩනයට පත්කළ යක්ෂයෙකි; ‘හල්ක්’ කෙනකි. මෙකී ධුරයේ රස හඳුනන කිසිවකු එය අත්හැරීමට බලාපොරොත්තු නොවේ. 19 වන සංශෝධනය සම්මත කර ගැනීම සඳහා නව ආණ්ඩුවට දැවැන්ත සටනක් කිරීමට සිදු වූයේ ද මෙය හේතුකොටගෙන ය.
‘‘රජ සහ ඝාතකයා’’ කෘතියේ කතුවරයා සිය සාහිත්‍යය නිර්මාණය හරහා ප‍්‍රකට කරන්නේ මෙකී ධුරයේ බියකරු බවයි; එ’තුළින් ජනතාව කෙතරම් පීඩනයකට ලක් වෙනවා ද සහ එකී ධුරය තම පවුල් සංස්ථාව වටා පමණක් ම රඳවා ගනිමින් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට යත්න දරනා පරම්පරාවක ක‍්‍රියාකලාපය යි.
රටක ජනතාව යනු: දිගින් දිගටම පීඩා නොඉවසන පිරිසක් බවත්, ඒකාධිපතියා සිය බලය කෙතරම් බිහිසුණු, සූක්ෂම අන්දමින් භාවිතා කළත් ඒ සියලූ පීඩනයන් සඳහා විකල්ප බලවේග සංවිධානය කොට පොදු සතුරා පරාජයේ ඉම දක්වා රැගෙන යන්නට සමත් පිරිසක් බවත් ‘‘රජ සහ ඝාතකයා’’ විශද කරයි. කතුවරයාගේ දක්ෂතාව වන්නේ පාලකයාගේ සහ ජනතාවගේ එකී සියලූ ක‍්‍රියාකාරකම් පිළිබිඹු කොට එහි උච්චතම අවස්ථාව එලෙඹෙන විට තම ප‍්‍රබන්ධ ශක්‍යතාව මැනවින් භාවිතා කිරීම ය. එහි දී කතුවරයා ඉස්මතු කරන්නේ ජනතාවට මග පෙන්වීම සහ ඔවුන් සංවිධානය කිරීම සඳහා නිර්භය, සූක්ෂ්ම සැලසුමක් සහිත, නොපසුබස්නා ධෛර්යයෙන් යුත් කිසියම් දේශපාලන ව්‍යාපාරයක් පවතින්නේ නම් ඕනෑම දුර්දාන්ත පාලකයකු/පාලන තන්ත‍්‍රයක් පෙරළා දැමිය හැකි බවයි.
ළද බොළඳ ආදර කතා, කුල භේදය ඉස්මතු කෙරෙන කතා, විශ‍්‍රාම ගිය සිවිල් නිලධාරීන් ගේ ජීවිත කතා, වලව්කරුවන් ගේ උද්දච්ච කතා, ජාතක කතා බඳු බෞද්ධ කතා, මනෝවිද්‍යාත්මක හෙළිදරව් නාමයෙන් පබැඳෙන විකාර කතා සහ පුනර්භවය පාදක කර ගැනෙමින් ලියවෙන අපභ‍්‍රංශ කතා අතරට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘‘නවකතාව’’ ලෙස නම් කළ හැකි ‘‘රජ සහ ඝාතකයා’’ පිළිබඳ මීට වඩා පුළුල් කථිකාවතක් ගොඩනැගීම සාහිත්‍යය විචාරකයන්ගේ වගකීමක් බව මෙහි දි වෙසෙසින් ම සඳහන් කළ යුතු ය.
ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.