විල්පත්තුවෙන් හමායන ජාතිවාදි සුලඟ නවතමු

Published in පුවත්
Tuesday, 12 May 2015 10:57

මඩු රක්ෂිතය හා විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රී පාල සිරිසේන යහපාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කණගාටුවකට කරුණකි. එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැළසුම් වලදී මෙරට වනාන්තර 39ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩ කඩ ජාතික භෞතික සැලැස්ම හරහා මේ වන විට ක්‍රියාවට නංවමින් සිටී.

විල්පත්තුව හා මඩු රක්ෂිතයත් කල්ලාරු වනාන්තරයත් විනාශ වීම කෙරෙහි රිෂාඩ් බදූර්දීන් අමාත්‍ය වරයා මෙන්ම පැවැති හා පවතින ආණ්ඩුවද සෘජුව වගකිව යුතුය.

නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීම වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්මේන්තුව අවසර නිකුත් කර ඇත්තේ පෙරියමඩු අභය භූමියෙන් බැහැරව භූමි භාගයක් නිදහස් කිරීම වෙනුවෙන් පමණි.
නමුත් මඩු රක්ෂතයේ කොටසක්ද මේ සමඟ විනාශ කිරීමට මෙම ඉඩම් අත්පත් කරගත් දේශපාලකයන් සිදුකරනු ලබන අතර කල්ලාරු වනාන්තරය මෙන්ම උතුරේ යුධයෙන් පසුව සිදුවන දැවැන්ත වන සංහාරය මේ වන විට සිදුවෙමින් පවතී.

එය කවුරුන් විසින් සිදුකළද බරපතල වැරැද්දක් බව අප සැම අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. එම වැරුද්දම තව තවත් තීව්‍ර කරමින් වවුනියව හා මුලතිව් යන දිස්ත්‍රික්ක වල වනාන්තර අක්කර 16000 අධික ප්‍රමාණයක් මේ වන විට විනාශ කර දමා ඇත. මඩු රක්ෂතය හා විල්පත්තු උතුරු අභයභූමියේ කල්ලාරු වනාන්තරය විනාශ කිරීම වෙනුවෙන් මෙවර සෘජු දායකත්වයක් දැරුවේ රිෂාඩ් බදූර්ධීන් අමාත්‍ය වරයාය. අපට ප්‍රශ්නය ඇත්තේ ඔහු මුස්ලිම් වීම නිසා නොව සිංහල දමිළ මුස්ලිම් වේවා පරිසරය වනසන්නේ නම් ජාති ආගම් බේදයකින් තොරව අප එයට විරුද්ධ විය යුතුය. එම සංහාරයට විරුද්ධවනවා සේම මෙම ව්‍යාපෘති වල මූලිකත්වය ගෙන සිටින රටේ නායකයන් පාලකයන්ට සුදු හුණු ගාමින් එක් පුද්ගලයෙකුට පමණක් ජාතිවාදී බැටන් පොල්ලනේ තඩි ගැසීම නොකල යුතු කරුණකි.

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා මෙම රජයේ අමාත්‍යවරයෙක්. රටේ නාකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන වනාන්තර එළිකිරීමට බදූර්දීන් අමාත්‍යවරයාට හැකියාවක් තිබේද?

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන සමයේත් මෛත්‍රීපාල ආණ්ඩුව කරන මේ සමයේත් සිදුවන්නේ දේශපාලන අතපෙවිම් මත සිදුවන දැවැන්ත පරිසර විනාශයයි. රජය විසින් දැනට සකස් කර ඇති ජාතික භෞතික සැලැසුම අනුව 2032 වන විට විල්පත්තුව, මඩු රක්ෂිතය ඇතුළු වනාන්තර 39ක සැලකිය යුතු ප්‍රමාණයක් රජය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හෙළිකිරීම මේවනවිට ආරම්භ කර ඇත.

ArticleEnvironmentවිල්පත්තුව මඩු රක්ෂිතය ආශ්‍රිතව අධිවේගී මාර්ග ඉදිකිරීම හා සංචාරක ව්‍යාපෘති දියත් කිරීම රජයේ ඉදිරි සැලසුමයි. එම සැළසුම දියත් කර හැරීම වෙනුවෙන් අතකොළු බවට පත් කර ගන්නේ මුස්ලිම් දමිළ සහ සිංහල ජනතාවයි.
විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට විල්පත්තු හා මඩු රක්ෂිත තුළ ඉඩම් ලබා දීම තුලින් රජයේ පූර්ණ සැළසුම දකිනවා වෙනුවට මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම තෙක් මෙම ප්‍රශ්නය කුරුවල් වීමට ඉඩ හැර ඇත.

පරිසරවේදීන්ට හෝ මේ රටේ බහුතර ජනතාවට එය පෙන්නේනේ මුස්ලිම් මිනිසුන්ගේ ප්‍රශ්නයක් නිසා මඩු රක්ෂිතය හා විල්පත්තුව විනාශ වී සිදු වන්නේ යැයි යන අවසාන අදහසිනි. රටේ බහුතර ජනතාව මඩු රක්ෂිතය ඉදිකිරීමට විරුද්ධ වන්නේ මෙම සමස්ථ සැළසුම හා ක්‍රියාවලිය පිළිබඳව අබමල් රේනුවකවත් අවබෝධයක් නොමැතිවය.

පැවැති ආණ්ඩුව හා පවතින ආණ්ඩුව එය මනා ලෙස භාවිතා කරමින් ස්වභාවික සම්පත් විනාශ කිරීමට එරෙහි ආණ්ඩු වලට එන විරෝධය කලකදී දමිළ ජනාතාව පිටිනුත් දැන් දැන් මුස්ලිම් ජනතාව පිටිනුත් යවා ඒ ජාති වාදී ගැටළුවක් බවට පරිවර්ථනය වීමට ඉඩ හරින තරමට රටේ වනසම්පත් මෙන්ම ස්වභාවික සම්පත් විනාශ කරමින් ජාත්‍යන්තර සැළැසුමක් වන ජාතික භෞතික සැළැස්ම ඉදිරියට වඩා පහසුවෙන් කරගෙන යා හැකි වඩා වේගවත් ප්‍රවාහයක් සකසා ගමිනින් ඇත.

අනෙක් අතට බහුතරයක් මිනිසුන් මඩු රක්ෂිතය හා විල්පත්තුව විරුද්ධ වුයේත් විරුද්ධ වන්නේත් පරිසරය රැක ගැනීමේ පරම අදහසින් නොවන බව වඩා පැහැදිලිය. ඇතැමුන් මෙය මුස්ලිම් මුස්ලිම් ජනතාවට පහර දීමට අවස්ථාවක් කරගෙන ඇත.
එය අපට වඩා පැහැදිලිව පෙන්නේනේ මෙයට පෙර විල්පත්තු වනෝද්‍යානය භාවිතා කරමින් ඝන කැළෑව විනාශ කර හමුදාව විසින් පාරක් ඉදිකරන විට විරෝධය හෝ හඬක් නොනැගූ අයවළුන් මෙම ප්‍රශ්නය හමුවේ පමණක් පෙනී සිටන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි.

එමෙන්ම සිංහරාජය ඇතුළු වනාන්තර 39ක් විනාශ කරමින් සිටින මොහොතක ඒවාට එරෙහිව හට නොනගන්නේ මන්දැයි යන්නද ප්‍රශ්නයකි.

2011 සිට 2014 වනවිට වනාත්තර ලක්ෂ ගණනක් විදේශිකයින්ට ලබා දීම හමුවේ මුනිවත රැක්ක වූන් මෙම ප්‍රශ්නයට පමණක් ජාතිවාදීන් ලෙස මැදිහත් වීමෙන් මෙරට පරිසර ප්‍රශ්නය විසඳිය හැකිද?
ජෛව විවිධත්වය තුළින් පරිසර පොහොසත් කරන බව අප කාටත් කියා දිය යුතු නැත. නමුත් එය හොඳටම දන්නා මිනිසුන් පවා සමාජයේ විවිධත්වයට පහර එල්ල කරති.

එක් සත්තව කොට්ඨාශයකින් හෝ ශාක විශේෂයකින් පරිසර තුලනය කර නොහැකි සේම එක් ජන වර්ගයකින් සමාජය තුළනය කර නොහැක. එම නිසා ජෛව විවිධත්වය පිළිගන්නේ නම් එය ආරක්ෂා විය යුතු බව අදහන්නේ නම් සමාජයේ ජන වර්ග වල විවිධත්වය පිළිගත යුතුය. ජනවර්ග විවිධත්වය නසා ඔවුනොවුන් අරගල කර ගැනීමෙන් ජෛවවිවිධතත්ය ආරක්ෂා කිරීම හෝ පරිසර විනාශය වැළැක්වීම කළ නොහැකිය. එම නිසා අප විරුද්ධ විය යුත්තේ අප අසල සිටින මුස්ලිම් දමිළ හෝ අනෙකුත් ජනයාට එරෙහිව නොව එසේ එරෙහි විමෙන් සිදුවන්නේ පරිසරය නසන සංහාරකයා අප සියල්ලම විනාශ කරමින් රටේ පරිසර සම්පතතත් විනාශ කිරීමය.

සැබෑ පරිසර සංහාරකයින් විල්පත්තුව මඩු රක්ෂිතය කල්ලාරු වනාන්තරය ඇතුළු වනය නසමින් ලංකාවේ වනාන්තර ප්‍රතිශතය 16.8% තෙක් අඩු කිරීමට සමත් වී ඇති අතර එයට එරෙහි නොවීම තුල මෙම තත්වය උඩු දුවමින් පවතී. එමෙන්ම නියම ප්‍රශ්නය ඉලක්ක කර නොගනිමින් ජාතීන් ලෙස බෙදා වෙන්වූ තරමට ජාත්‍යන්තර සැලැසුම් වඩා හොඳින් දියත් කිරීමට නායකයන්ට පාලකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

උදාහරණයක් ලෙස 1947 වර්ෂයේදී ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තය දෙකට බෙදූයේ හින්දු පංජාබ් සහ මුස්ලිම් පංජාබ් ලෙසය. පසුව හින්දු පංජාබ් ඉන්දියාවටත් මුස්ලිම් පංජාබය පාකිස්ථානයටත් අයත් විය.

පංජාබය දෙකට බෙදීමේ ප්‍රතිපලයක් ලෙසත් මිනිසුන් දෙකට බෙදීමේ ප්‍රතිපලයක් ලෙසත් පංජාබ් යන අර්ථය දුන් හිමාලයෙන් පටන් ගන්නා ගංගා පහ දූෂණය වී විනාශ වි ගිය අතර ඉන්දියානු හා පාකිස්ථානු පංජාබ් වල වනාන්තර ප්‍රතිශතය 15% වඩා අඩුවිය. ජාති ලෙස බෙදා වෙන්වීම පරිසර සංරක්ෂණය ඇති ලෙකුම සතුරු කමක් බව මෙයට උදාහරණයක් වේ. එම නිසා අප සටන් කළ යුත්තේ සැබෑ වන සංහාරයට මග පාදන සැලැසුම් වලට හා ඒවා ක්‍රියාත්මක කරන දේශපාලඥයින්ට හා රාජ්‍ය හා ක්‍රමවේදයට විරුද්ධව මිස එම සැලසුම් වලට හසුවූ ජනතාවට විරුද්ධව නොවේ.

එම නිසා මඩු රක්ෂිතය හා විල්පත්තුව මෙන්ම සමස්ථ වනාන්තර විනාශ කිරීමේ වගකීම මෙම දේශපාලන ක්‍රමවේදය විසිනුත් ඒවාට පන්නරය දෙන දේශපාලනඥයින් විසිනුත් ඔවුන්ට අතකොලු වූ ජනතාව වාසිනුත් භාර ගත යුතුය. එම නිසා අපගේ පරිසර සටන මුල් විය යුත්තේ සියළු ආකාරයේ අධිරාජ්‍ය වාදයන්ට එරෙහිව යන්න දිනෙන් දින සපථ වන අතර එය නොපිළි ගන්නා තාක්කල් ජනතාව හෝ පරිසර ආරක්ෂා කළ නොහැකිය.

රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යන මධස්ථානය

 

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us