රාජපක්ෂලා දිවි නැගුමෙන් පත්තර නඩත්තු කරලා

Published in පුවත්
Tuesday, 12 May 2015 09:54

පසුගිය රජය සමයේ වසර පහක් පමණ කාලයක් දිවි නැගුම අරමුදල් රාජපක්ෂවරුන්ට හිතවත්  පුවත්පත් ආයතන කිහිපයක් සඳහා යොදවා  ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිව තිබේ.

මුල්‍ය අපරාධ අංශය මේ වනවිට බැසිල් රාජපක්ෂ ඇමති ධුරය දැරූ ආරථික සංවර්ධන අමාත්‍යංශයට අයත් දිවි නැගුම ව්‍යාපෘතියට අදාළ අරමුදල් යෙදවීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වයි. මේ වනවිට එම අරමුදල්වලට අදාළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සහ තවත් නිලධාරීන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ රාජපක්ෂ පවුලට හිතවත් පුවත්පත් ආයතන සඳහා දිවි නැගුමේ මුදල් මාසිකව ලබාදී ඇති බවයි. එම පුවත්පත් ආයතනවල ප්‍රධානීන්ගෙන්ද මේ සම්බන්ධව ප්‍රකාශ  සටහන් කර ගැනීමට නියමිතයි. මෙම ප්‍රධානීන් බොහොමයක් මේ වනවිට විදේශ ගතව සිටින අතර ඔවුන් රාජපක්ෂ පවුලේ නියෝජිතයන් ලෙස මෙම ආයතන වල කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබේ.

පසුගිය රජය රාජපක්ෂලා විවිධ පුවත්පත් ආයතන වල කොටස් නියෝජිතයන් හරහා මිලදී ගත් බවට චෝදනා එල්ල වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us