ලංකාවේ අංග සම්පූර්ණ හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා-ජනපති (audio/photos)

Published in පුවත්
Tuesday, 12 May 2015 14:23

ඉදිරි වර්ෂ දෙකේදී ලංකාවේ අංග සම්පූර්ණ හෙද විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඔහු මෙම අදහස් දැක්වූයේ ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සදහා අද(11) අරලිය ගහ මන්දිරයේ පැවති රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ උත්සවය අමතමිනි.

පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි තමන් දැඩි මර්දනයකට ලක්ව සිටි බවත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාව සිටි සමන් රත්නප්‍රිය මහතා තමන්‍ හමුවීමට දිනයක් ඉල්ලූවිට ඒ සදහා මාස ගණනකට එහා දිනයක් ලබා දීමට සිදුවූ බවත් එහිදීද හිටපු ජනාධිපතිවරයාට වගඋත්තර බැදීමට සිදුවූ බව ජනාධිපතිවරය‍ා පැවසුවේය.

'මිනිහ ආණ්ඩුවට විරුද්ධයි කියලා දන්නෙ නැද්ද? ඇයි දිනයක් දුන්නේ 'යනුවෙන් විමසන බවත් පැවසුවේය.

ඕනෑම රාජකාරියක් හෝ සේවයක් කිරීමට නිදහස් මනසක් පැවතිය යුතු බවත් වර්තමානය වන විට එවැනි නිදහස් වාතාවරණයක් උදාකර ඇති බවත් ජනාධිපතිවරයා සදහන් කළේය.

ලංකාවේ පවතින හෙද විද්‍යාල දැඩි අපහසුතා මධ්‍යයේ පවත්වා ගෙන යන බවත් හෙද අධ්‍යාපනය හා හෙද සේවය ගුණාත්මක කිරීම සදහා ඒවා අංග සම්පූර්ණ ලෙස භෞතික සම්පත්වලින් යුක්ත කළ යුතු බවත් ඒ සදහා තම උපරිම සහයෝගය ලබාදෙන බවත් ජනපතිවරයා පැවසුවේය.

ඉදිරි වර්ෂ 2 තුළ ලංකාවේ අංග සම්පූර්ණ හෙද විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බවටද ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දූ වූයේය.

ඉදිරියේදී සංවර්ධනය වූ රටවලට පවා සේවය සැපයිය හැකි හෙද සේවයක් ලංකාවේ බිහි කිරීම උදෙසා කටයුතු සම්පාදනය කරන බවත් නිදහස් අධ්‍යාපනය හා නිදහස් හෙද සේවයක් ඇති කිරීම උදෙසා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී ලංකාවේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් සිදු කළ සේවය අගයමින් සම්මාන පිරිනැමීමක්ද සිදුවිය.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව පහතින්

{soundcloud}https://soundcloud.com/lankadaily/2015-05-12-122246a{/soundcloud}

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP  2

DNP  3

DNP  4

DNP  5

DNP  6

DNP  7

DNP  9

DNP  10

DNP  11

DNP  14

Last modified on Tuesday, 12 May 2015 15:01

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us