News Items (18842)
ශ්‍රී ලංකාවේ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ ප්‍රථමවරට මහාභාරකාරවරිය ලෙස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව නීතිඥ තරංගනී කීනවින්න දිසානායක මහත්මිය පත්කර තිබේ. වසර 1922 ආරම්භකර ඇති මහාභාරකාර දෙපාර්තමේන්තුවේ මෙම තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව ඇය වේ.
සේවකයන්ට අත දිගහැර වියදම් කර වාර්තාවක් තැබූ කෝටිපතියා
මේක නිකම්ම නිකම් සල්ලි කාරයෙකුගේ කතාවක් නෙමේ පීනන්න සල්ලි තියෙන මනුස්සයෙකුගේ වැඩක්. ෆෝබ්ස් වාර්තා අනුව ලෝකයේ කෝටිපතියන් 50 අතර සිටින චීනයේ ටයින්ස් සාමාගම හිමිකරු 57 හැවිරිදි ලීන් යූ අන් තැබූ වාර්තාවක්.
මහේන්ද්‍රන්ට එරෙහිව ඇමැතිවරු 9 ක් සමඟ 88ක් විශ්වාසභංගයට අත්සත් තබයි
කැබිනට් අමාත්‍යවරුන් තුන්දෙනෙක් රාජ්‍ය අමාත්‍යවරු තුන්දෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරු තුන් දෙනෙකු ඇතුළු 88 දෙනෙකු මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට විරුද්ධව විශ්වාසභංගයක් අත්සන් කර තිබේ.
කාන්තාවන්ට 50% ක නියෝජනයක් දෙන්න -අජිත් පී පෙරේරා(audio)
ලංකාවේ ජනගහනයෙන් 52% ක් කාන්තාවන් වූවත් පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය පසුගාමී තත්වයක පවතින බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනාවට වැරදිකාරිය වී සිව්වසරක සිරදඬුවමක් නියමව යළි ඇප මත නිදහස් වූ තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් කර්ණාටක මහාධිකරණය විසින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නැවතත් මේ මස 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද(11)නියෝග කළේය.
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ කැඳවීමක් අනුව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
විවාහයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩකයන් දක්ෂතා දැක්වීමට හේතුව ඔවුන් ගෙදර සිටිනවාට වඩා වැඩි වේලාවක් පිටියේ රැදී සිටීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
භූමි කම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවට සහන රැගෙන තවත් ගුවන් යානයක් අද (11) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටත් වූ 04 වැනි ගුවන් යානය මෙය වේ.
අතුරුදන් කිරීම් පිළිබඳ සෙවීමට ජගත් කණ්ඩායමක් පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් අගෝස්තු මස 03 වනදා දින සිට 12 වන දින දක්වා මෙරට සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ.
