මහේන්ද්‍රන්ට එරෙහිව ඇමැතිවරු 9 ක් සමඟ 88ක් විශ්වාසභංගයට අත්සත් තබයි

Published in පුවත්
Monday, 11 May 2015 13:26

කැබිනට් අමාත්‍යවරුන් තුන්දෙනෙක් රාජ්‍ය අමාත්‍යවරු තුන්දෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරු තුන් දෙනෙකු ඇතුළු 88 දෙනෙකු මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට විරුද්ධව විශ්වාසභංගයක් අත්සන් කර තිබේ.

එම ඇමතිවරුන් අතරට මහින්ද යාපා අබේවර්ධන, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, ඩිලාන් පෙරේරා, ජීවන් කුමාරතුංග, සී බී රත්නායක, ජගත් පුෂ්පකුමාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ශාන්ත බණ්ඩාර යන අය ඇතුලත් වේ.

වසර තිහක් සඳහා වන රුපියල් බිලියන දහයක බැඳුම්කර නිකුත් කිරීමේදී වැඩි පොළියකට තම ඥාතියෙකුගේ සමාගමකට බැදුම්කර ලබාදී බරපතල වංචාවක් සිදු කළ බවට මහ බැංකු අධිපතිවරයාට චෝදනා එල්ල විය. පසුව එම චෝදනාව විමර්ෂණය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර ඉන් මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඍජු දායකත්වයක් දක්වා නොමැති බව තීරණය කොට තිබුණි.

කෙසේවෙතත් මෙම විශ්වාසභංගය මගින් එවැනි චෝදනාවකට ලක්වූ පුදගලයෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරය දැරීමට සුදුසු නැති බවත් ඔහු තම එකසත් ජාතික පක්ෂයේ පෞද්ගලික උවමනාවන් සහ දේශපාලන අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියාකරන්නෙක් බව පේනවා දී තිබේ. ඒ අනුව ඔහුගේ ක්‍රියාකාරකම් හරහා රටේ ආණ්ඩුවට මෙනම් ආර්ථිකයටද අහිතකර බලපෑම් එල වී ඇති බැවින් ඔහු තවදුරටත් මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බැවින් සේවයෙන් පහ කළ යුතු යැයි අදහස් කරයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us