පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්යවරියක සහ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ආචාර්ය එස්.කේ.එම්.ඩී. දර්ශනී ගුණතිලක මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ සිය රාජකාරී අද (08) නිල වශයෙන් ආරම්භ කළාය.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබූ භික්ෂුන් වහන්සේ සහ මන්ත්‍රීවරුන් 27 දෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබේ.

රාජපක්ෂ පවුලේ ආරක්ෂාවට බිහි කරන ලද රාජපක්ෂ වරුන්ට දැඩි පක්ෂපාතිත්වයක් දැක්වූ යුද හමුදාවේ ජනාධිපති ආරක්ෂක සේනාව පසුගිය 30 වෙනිදා සිට විසිරුවා හැර තිබේ.

මෛත‍්‍රී ඪී මහින්ද සාකච්ඡා පළමු කොටස අවසන් විය. (දෙවන කොටස ළඟදීම) ඔවුන් අතර සාකච්ඡා කළේ මොනවාද? කුමන කාරණයක් අරබයා සාකච්ඡා කළාද? මේ කිසිඳු පැනයකට පිළිතුරු නැත. අවම වශයෙන් රාජ්‍ය මාධ්‍යය හරහා හෝ කිසිඳු නිල ප‍්‍රකාශයක් සන්නිවේදනය නොවුණි.

රාජපක්ෂ අාණ්ඩු සමයේ තණකොළ කැපීමට කාණු සුද්ද කිරීමට යෙදවූ රටේ වීරෝධාර රණ විරුවන් එයින් මුදා ගෙන හමුදා කදවුරු වලට පමණක් සීමා කළ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

බටහිර ජපානයේ සත්ව උද්‍යානයක උපන් මකාක් වර්ගයට අයත් වඳුරු පැටවෙකුට චාර්ලට් යනුවෙන් නම් තැබීම ආන්දෝලනයකට තුඩු දීලා තියෙනවා. ඒකට හේතුව බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත උපන් බිළිඳියගේ නමත් චාලර්ට් වීමයි.

සාම්පූර් නාවික හමුදා පුහුණු කඳවුර ත්‍රිකුණාමලය වරායට සමිප භූමි ප්‍රදේශයක ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේ මේ වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රථිපල අනුව  කන්සර්වේටිව් පක්‍ෂයේ අපේක්ෂක වත්මන් අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පසුගිය ඔක්තෝම්බර් මාසයේ මියන්මාරයේදී අත්අඩංගුවේ පසුවු ශ්‍රී ලාංකික ධීවරයින් 17 දෙනෙකු මුදාහැර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හමු වීම ගැන පැහැදිළි කිරීමක් කරන ජනාධිපති මාධ්‍ය අංශය, වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සභාපතිවරයා වන බැවින් මෙවැනි හමුවක් “විශේෂ” දෙයක් නොවන බව කියා සිටී. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන ඩිලාන් පෙරේරා කියන්නේ, එම සාකච්ඡාව රනිල්ව එලවා දැමීම සඳහා පවත්වන බවයි.

Connet With Us