මෛත‍්‍රී VS මහින්ද හොරා පොලිස් සෙල්ලම

Friday, 08 May 2015 12:18

මෛත‍්‍රී ඪී මහින්ද සාකච්ඡා පළමු කොටස අවසන් විය. (දෙවන කොටස ළඟදීම) ඔවුන් අතර සාකච්ඡා කළේ මොනවාද? කුමන කාරණයක් අරබයා සාකච්ඡා කළාද? මේ කිසිඳු පැනයකට පිළිතුරු නැත. අවම වශයෙන් රාජ්‍ය මාධ්‍යය හරහා හෝ කිසිඳු නිල ප‍්‍රකාශයක් සන්නිවේදනය නොවුණි.

පැහැදිලිව ම මෙය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා අතර කෙරුණ පුද්ගලික සාකච්ඡාවක් නොවේ. ඒ කිසිවක් නොදන්නවා වුව ද ඔවුන් අතර සාකච්ඡා කෙරෙන්නට ඇත්තේ පොදු කාරණාවක් යැයි අපි අනුමාන කරමු. එසේ නම් ඒ කෙබඳු සාකච්ඡාවක් ද යන්න දැනගැනීමේ අයිතියක් ජනතාව සතුව පවතී. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙන්ම පරාජය වී නිවෙස බලා ගිය මහින්ද රාජපක්ෂ මහතා ද යැපෙන්නේ ජනතාවගේ බදු මුදලිනි. ඔවුන් පානය කරන දිය බිඳුවේ සිට අහසින් ගමන් ගන්නා වියදම දක්වා වූ සියලූ වියදම් දරන්නේ ද මහජන මුදල්වලිනි. කෙටියෙන් ම පවසන්නේ නම් ඔවුන් සාකච්ඡා කළ මොහොතේ වැය වූ විදුලිය ගාස්තු, සංග‍්‍රහ ගාස්තු, ඔවුන් පාර්ලිමේන්තුවට ආ ගිය ඉන්ධන ගාස්තු පවා වෙන්නේ මහජනයාගේ මුදල්වලිනි. එසේ නම් ඔවුනොවුන් අතරකෙරෙන සාකච්ඡා මොනවාද? ඒ කුමක් සඳහා ද? කවුරුන් වෙනුවෙන්ද? යන්න දැනගැනීමට මහජනයාට ශුද්ධ වූ අයිතියක් ඇත. එහෙත් හිටපු රෙජීම් පාලකයා මතු නොව යහපාලන නායකයා ද මහජනයා ගේ ශුද්ධ වූ අයිතිය කෙලෙසා ඇත; මහජනයා ගේ අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කර ඇත.

මෙසේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබිය දී වුවද රටේ ක‍්‍රියාත්මක වන කිසිඳු මාධ්‍යයක් (විද්‍යුත් සහ මුද්‍රිත) ඒ පිළිබඳ ප‍්‍රශ්න නොකරයි, විමසා නොබලයි. ඔවුන් කරන්නේ සිටි සහ සිටින පාලකයන්ගේ වුවමනාව පරිදි සිය මාධ්‍යය කාර්යය හැසිරවීම පමණි. ‘‘ඔබතුමන්ලා මෙම සාකච්ඡාව පැවැත් වූයේ කුමණ අරමුණක් උදෙසා ද? කාගේ අවශ්‍යතාවක් මතද?’’ යන්න නොවිමසයි. අවම වශයෙන් මෙම පාර්ශව දෙක ප‍්‍රකාශ කරන පරස්පර ප‍්‍රකාශ පිළිබඳ හෝ ප‍්‍රති ප‍්‍රශ්න නොනගති. සාකච්ඡා සාර්ථක යැයි මෛත‍්‍රී පාර්ශවය පවසද්දී මහින්ද පාර්ශවය පවසන්නේ සාකච්ඡා අසාර්ථක බවයි. මධ්‍යස්ත මත සමාජගත කළ යුතු මාධ්‍යය එකී වගකීම සහ යුතුකම පසෙකට ලා දේශපාලකයන්ගේ එහෙයියෝ ලෙස කටයුතු කරති.

මෙහි දී සමාජ වෙබ් ජාලා සම්බන්ධයෙන් ද යමක් පැවසිය යුතු ය. මහින් රාජපක්ෂ රෙජිමය පෙරළා දමන්නට උපරිමයෙන් සහය දැක් වු වෙබ් අඩවි බහුතරයක් ද මේ මොහොතේ හැසිරෙන්නේ සිය වගකීම් ඉටු නොකරන තත්ත්වයක ය. ඔවුහු ද දෙපාර්ශවය ප‍්‍රසිද්ධියේ කළ ප‍්‍රකාශ පළ කරනවා මිස එම සාකච්ඡා මේසයේ පිටුපස සැඟව පවත්නා යථාර්ථය හෙළිදරව් කර ගැනීමට උත්සුක නොවෙති. තහනම් මාධ්‍යයක් බවට පත්ව තිබූ සමාජ වෙබ් අඩවි මේ මොහොතේ සිය නිදහස භක්ති වි`දිමින් සිටිනවා මිස ඒ හරහා කළ යුතු යුතුකම් සහ වගකීම් කොටස අමතක කර දමා ඇත. ඔවුන්ගේ ප‍්‍රවෘත්ති ද ‘‘අහවලා මෙසේ පැවසුවේ ය. අහවලා නම් කියා සිටියේ මෙවැනි දෙයක් ය. අහවල් ඇමති කීවේ මෙසේ ය’’ යන්නට පමණක් සීමා කොට ඇත.

ජනතාවට අවශ්‍යව ඇත්තේ එක් එක් අවස්ථාවාදීන් කරන ප‍්‍රකාශ අසා සිත සනසා ගැනීම නොව, නව වසරක් පුරා ජනතාව පීඩනයට පත් කළ ඒකාධිපතියකු සහ එකී ඒකාධිපතියා පලවා හරින්නට ජනතාව පත්කළ නායකයා අතර සිදු කළ සාකච්ඡාව කුමක්ද?, කුමට ද?, කාට ද?, යන්න දැනගැනීම ය. එහෙත් සිදු වී නොමැත්තේ ද එය ම ය. ප‍්‍රවෘත්තිකරණයේ මූලික පස්වැදෑරුම් සංකල්ප (w5) අතුරින් දෙකක් දැන සිටිය ද (කොතැන ද? කියට ද?) අනෙක් කිසිවක් රටේ ජනතාව නොදනී දන්වන වගක් දැනගන්නට ද නැත. ජනතාවට ද වගේ වගක් නැත. මේ සිදුවන්නේ ජනතාවගේ මනස හිරිවැට්ටවීමේ පෙරහුරුව නොවන්නේ ද? එසේ නම් ජනතාව ඊට එරෙහිව පෙළ ගැසිය යුතු නොවන්නේ ද?

මහින්ද රාජපක්ෂ යනු ඔළුව අතගා ටොකු අනින පුද්ගලයකු බව වත්මන් ජනාධිපතිතුමා ද සහතිකව ම දන්නා කරුණකි. සාකච්ඡාව පැවැති දින රාත‍්‍රී එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් සමඟ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට සහභාගී වෙමින් සිටි මොහොතේ ජනාධිපතිතුමා කළ ඇතැම් ප‍්‍රකාශ එයට සාක්ෂි දරයි. එහෙත් මෙම දෙපාර්ශවය ම අදාළ සාකච්ඡාව වසන් කරන්නේ ඇයි ද යන්න ජනතාවට ගැටලූවකි. රටේ ජනතාවට අබමල් රේණුවක ඵල ප‍්‍රයෝජනයක් නැති නමුත් ජනාධිපතිතුමා සහභාගි වන බෝධි පූජා, පිරිත් ශ‍්‍රවණය කිරීම් විවෘත කිරීම් ආදී මෙකි නොකී සෑම කසළ ගොඩක්ම මාධ්‍යය වෙත නිකුත් කරන ජනාධිපති මාධ්‍යය ඒකකය ද මහින්ද රාජපක්ෂගේ මාධ්‍යය ඒකකය ද, ඒ සියලූ කණු කන්දල් බලෙන් ම ජනතාවට ඇසීමට, කියවීමට සහ දැකීමට සලස්වන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය ද මෙම හෝරාවේ දී කෂාය බිවූ ගොළුවන් සේ බුම්මාගෙන සිටිති. එහෙත් මේ සියලූ මාධ්‍යයවේදීන් මහින්ද රාජපක්ෂ හමු වන හැම මොහොතකම ‘‘ඔබතුමා අගමැතිධුරයට ඉල්ලනවාද? ඔබතුමා අහවල් රැස්වීමට සහභාගි වෙනවාද?’’ යනුවෙන් අසන්නේ එය දෛනික ජීවිතයේ කොටසක් ලෙස සලකාගෙන ය.

ඊයේ සවස නාරාහේන්පිට අපායට පැමිණි හිටපු ජනාධිපතිවරයා ඉන් පිටව යද්දී මාධ්‍යයවේදීන් පළමුව ඇසුවේ ඔහු සහ ජනාධිපතිතුමා සම`ග සාකච්ඡා කළේ මොනවාද යන්නය. එයට නිසි පිළිතුරක් නොදුන් මහින්ද රාජපක්ෂ කියා සිටියේ ‘‘අනේ මම නම් මොනවත් ඉල්ලූවෙ නෑ’’ යනුවෙනි. එනයින් බලන විට ඔහුට යමක් බලෙන් දෙන්නට සැරසෙන බවක් දක්නට ඇත. ඒ කුමක් ද? කුමකට ද? කවදා ද? කිනම් මොහොතක ද? දෙන්නේ කවුද? යන්න අවිනිශ්චිත වුව ද යමක් දෙන්නට සූදානම් බව නම් පැහැදිලිය. ‘‘ තීන්දුවක් ගන්න තවම සාකච්ඡා ඉවර නෑනෙ’’ යනුවෙන් මහින්ද රාජපක්ෂ කියා සිටින්නේ එබැවිනි. මෙය හරියට අහවල් එක සඟවාගෙන අහවල් එකෙන් අහවල් වැඬේ කරනවා වගේ නොවේදැයි ජනතාව විමසීම අරුමයක් නැතැයි සිතීම කෙතරම් සාධාරණ ද?

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us