බටහිර  ඉන්දීය කොදෙව්  ක්‍රිකට් කණ්ඩායම  ලෝකය තුල  ජනප්‍රිය වී තිබෙන්නෙ  ක්‍රිකට් ක්‍රීඩාවට  දක්වන දක්ෂතාවය  හින්ද විතරක්  නෙමේ. කොදෙව්වන්  කියපු ගමන්  අපිට මතක් වෙන්නෙ  විනෝදයෙන් පිරි  නිහතමානී මිනිසුන්  පිරිසක්.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එළඹෙන 11 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දකුණු ආසියා‍ව තුල  මාතෘත්වයට සුදුසු විශිෂ්ටතම රටවල් අතරින් ශ්‍රී ලංකාව ‍ඉදිරියට පැමිණ ති‍බේ.

පසුගිය කාල වකවානුව තුළ උෟරන් ගවයන් වැනි සතුන් අලෙවි වූ ආකාරයටම දේශපාලනඥයින් ද ඔවුන්ගේ දේශපාලන බර අනුව අලෙවි වූ බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අධිකරණ අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද (06) පෙරවරුවේ ගුවන් විදුලි වැඩසටහනට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ හිටපු එක්දින හා විස්සයි විස්ස සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් ලීග විස්සයි විස්ස තරගාවලිය සඳහා ගිවිසුම් ගතව තිබූ ඔහු තරග කාර්තු දෙකක් සඳහා සිය දායකත්වය හොබාට් හරිකේන්ස් කණ්ඩායමට ලබාදීමට ගිවිසුම් අත්සන් කොට තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට (06) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පාසල් සිංහල,  මුස්ලිම් සහ දෙමළ  ලෙස වෙන්  කිරීමට  තමන් තදින්ම විරුද්ධ බව  ජනාධිපතිවරයා  පවසයි.  පාසල් කතා කරන  භාෂාව අනුව  වෙන් නොකළ යුතු බව ඔහුගේ   අදහසයි.

ආණ්ඩුවට ලබාදුන් දින සියය දැන් අවසන් බැවින් ඉදිරි දින සියය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩුව පළවාහැරීමේ මෙහෙයුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවතීර්ණ විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කළුතර පැවැති මහජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් පියවර රැසක් පසුගිය මාස තුන තුළ රජය ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා නව රජය ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා පැවසුවේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (05දා) එක්වෙමිනි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ප්‍රචාරක කටයුතු සිදු කිරීමට තිබෙන අවසන් දිනය අදයි.

Connet With Us