කන්සර්වේටිව් පක්‍ෂයෙන් තරග කරන අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරුන් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යට වඩා දීප්තිමත් අනාගතයක් උදා කිරීමට තමන් කැපවන බවයි. එසේම තම ආණ්ඩුවක් බිහිවුණහොත් කම්කරු ප්‍රජාවට ප්‍රමුඛතාව ලබාදෙන බව කම්කරු පක්‍ෂයේ නායක එඩ් මිලිබෑන්ඞ් ප්‍රකාශ කර ඇත.
ඉකුත් මැතිවරණයේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 306ක් දිනා ගත්තේ කන්සර්වේටිව් පක්‍ෂයයි. ආසන 258ක් කම්කරු පක්‍ෂයට හිමිවුණා. ආසන 57ක් දිනා ගනිමින් 03වැනි ස්ථානය හිමිකර ගත්තේ ලිබරල් ඩිමෝක්‍රටික් පක්‍ෂයයි.