අමෙරිකාව සහ කියුබාව අතර වාණිජ බෝට්ටු සේවාවක්

Published in විදෙස්
Thursday, 07 May 2015 10:25

අඩ සියවසකට පමණ පසු එක්සත් ජනපදය හා කියුබාව අතර වාණිජ යාත්‍රා සේවාවක් ඇරඹීමට නියමිතව තිබේ. මෙය දෙරට අතර සබඳතා වර්ධනය වීමේ තවත් පියවරක් ලෙස සැලකේ.

කියුබාව දක්වා බෝට්ටු‍ සේවා පැවැත් වීම සඳහා ‍‍ෆ්ලොරිඩාවේ සමාගම් 4කට අවසර ලබා දී තිබේ.

දැනටත් දෙරට අතර ගුවන් සේවා පවත්නා අතර යාත්‍රා සේවාවන් ඇරඹීමෙන් පසු කියුබානු අමෙරිකානුවන්ට ඔවුන්ගේ ඥාතින් බැහැදැකීමට පහසුකම් සැලසේ. අමෙරිකාවේ ෆ්ලොරිඩා තුඩුවෙන් කිලෝ මීටර 150ක දුරින් පිහිටි කියුබාව වෙත මේ යාත්‍රා මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ද හැකිවනු ඇත.

කෙසේවෙතත් මේ යාත්‍රා සේවයේ ආරම්භය සඳහා තවත් කලක් ගත වනු ඇති බවත් ඊට හේතුව දෙරටේම බලධාරීන්ගෙන් අවසර ලැබිය යුතු තවත් අංශ පැවැතිම බවත් අදාළ සමාගම් ප්‍රකාශ කරයි.

ගුවනින් හෝ යාත්‍රා මගින් ගමන්ගත්ත ද අමෙරිකාවෙන් කියුබාවට ගමන් කළ හැක්කේ අවසර ලත් පිරිසකට පමණි. ඥාතින් බැහැදැක්ම, නිල රාජ්‍ය කටයුතු, මානුෂික ව්‍යාපෘති හා ක්‍රිඩා කටයුතු සඳහා ගමන් ගන්නන් ඒ අතර ප්‍රමුඛත්වය දරයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us